Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 2:22 - Sinhala Revised Old Version

22 උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 උන් වහන්සේ කිසි පවක් නොකළ සේක. කවදා වත් බොරුවක් ද නොවදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 “උන්වහන්සේ කිසි පවක් කළේ නැත. උන්වහන්සේගේ මුවෙහි කිසි මුසාවක් ද හමු වූයේ නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 උන් වහන්සේ කිසි පවක් නොකළ සේක. කවදා වත් බොරුවක් ද නොවදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 2:22
16 හුවමාරු යොමු  

ඔව්හු උන්වහන්සේගේ මිනීවළ දුෂ්ටයන් අතරෙහි තිබෙන්ට නියමකළෝය, නුමුත් උන්වහන්සේගේ මරණයේදී එය වස්ත්‍රකාරයන් සමඟ විය; මක්නිසාද උන්වහන්සේ අධර්මිෂ්ඨකමක් කළේවත් උන්වහන්සේගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත.


මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


පව් දුරුකරන පිණිස උන්වහන්සේ ප්‍රකාශකරනු ලැබූ බව නුඹලා දනිහුය; කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත.


ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවීය. ඔව්හු නොකැලැල්ව සිටිති.


මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.


බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.


අප දඬුවම් ලබන්නේ සාධාරණලෙසය; මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නුමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තරදුන්නේය.


මට පාපය ඇතැයි නුඹලාගෙන් කවරෙක් ඔප්පුකෙරේද? මම සැබෑව කියම් නම් නුඹලා මා අදහා නොගන්නේ මක්නිසාද?


යේසුස්වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක: මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක.


එවිට සියයකට මුලාදෑනියා සිද්ධවූ දේ දැක දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්: සැබවින් මේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨයෙකැයි කීවේය.


තවද ඔහු විනිශ්චයාසනයෙහි හිඳිද්දී ඔහුගේ භාර්යාව: ඒ ධර්මිෂ්ඨයාට කිසිවක් නොකරන්න. අද ඔහු නිසා ස්වප්නයකින් බොහෝ දුක් වින්දෙමියි ඔහුට කියා ඇරියාය.


නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? නුඹම බලාගන්නැයි කීවෝය.


නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්