Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 1:2 - Sinhala Revised Old Version

2 ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමෙන් කීකරුවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා එවන වග නම්: අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 ආත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීම සඳහා ද උන්වහන්සේගේ ලේ ඉසිනු ලැබීම සඳහා ද පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව, තෝරාගනු ලැබූවන් වෙතයි: අනුග්‍රහයත්, සාමයත් ඔබට බෝ වේවා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 1:2
53 හුවමාරු යොමු  

නුමුත්, ස්වාමීන්වහන්සේ විසින් ප්‍රේමකරනු ලබන සහෝදරයෙනි, ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමද සැබෑව ඇදහීමද කරණකොටගෙන නුඹලා ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට නුඹලා තෝරාගත් නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව.


සහෝදරයන්ට අවංකකමින් ප්‍රේමකරන පිණිස සත්‍යතාවට කීකරුවීමෙන් නුඹලාගේ ආත්ම පිරිසිදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දුලෙස ප්‍රේමකරන්න.


අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය.


දෙවියන්වහන්සේ පෙර ඇඳිනගත් තමන්ගේ සෙනඟ අත්හැර නොදැමූසේක. නොහොත් ලියවිල්ල එලියා ගැන කුමක් කියන්නේද කියා දන්නේ නැද්ද? ඔහු ඉශ්‍රායෙල්ට විරුද්ධව දෙවියන්වහන්සේට කාරණා කියමින්:


දෙවියන්වහන්සේද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.


දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය.


ඒ රහස එළිදරව්වීමේ හැටියටද, මාගේ ශුභාරංචියේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනාකිරීමේ හැටියටද, නුඹලා ස්ථිරකරන්ට සමර්ථවූ,


එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇත්තාවූ ගැළවීම සදාකාල තේජස සමඟ ලබන පිණිස, ඔවුන් නිසා සියල්ල ඉවසමි.


නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.


එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.


ස්වාමීන්වහන්සේ ඒ දවස් ලුහුඬු නොකළසේක් නම් කිසිකෙනෙක් ගැළවෙන්නේ නැත. නුමුත් උන්වහන්සේ තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬුකළසේක.


නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.


මක්නිසාද නුඹලාගේ කීකරුකම සියල්ලන්ටම ප්‍රකාශවී තිබේ. එබැවින් නුඹලා ගැන ප්‍රීතිවෙමි. එසේවී නුමුත් නුඹලා යහපත ගැන ප්‍රඥාවන්තව, නපුර ගැන නිවටව සිටිනවාට කැමැත්තෙමි.


දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?


දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? උන්වහන්සේ ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක.


මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.


ඒ දවස් ලුහුඬු නොකරනලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.


මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.


නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


කුලුඳුලන් විනාශකළ තැනැත්තා ඔවුන්ට අත නොගසන පිණිස පාස්කුවද ලේ ඉසීමද ඇදහිල්ලෙන් ඔහු පැවැත්තුවේය.


දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.


මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත.


ඔවුන් අතරෙහි නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සන්තකවන පිණිස කැඳවනු ලැබුවහුය.


ඒ පුත්‍රයාණන්වහන්සේ මාංසාකාරයෙන් දාවිත්ගේ වංශයෙන් ඉපිද, ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශකරනු ලැබූසේක.


ලෝකයේ පටන්ගැන්මේ සිට මේ සියල්ල දන්වන්නාවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියනලද්දේය.


නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසයකරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම්: නුඹලාට සමාදානය වැඩිවේවා.


ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.


නුඹලාට දයාවත් සමාදානයත් ප්‍රේමයත් වැඩිවේවා.


මෙසේ උන්වහන්සේ සම්පූර්ණකරනු ලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට උත්තම පූජකයෙක්ය යන නම දෙවියන් වහන්සේගෙන් ලැබ,


එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,


ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවද දෙවියන්වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිකමද නුඹලා සියල්ලන් හා සමඟ වේවා.


අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.


ශුභාරංචිය ගැන නම් ඔව්හු නුඹලා නිසා සතුරෝය. නුමුත් තෝරාගැනීම ගැන නම් ඔව්හු පියවරුන් නිසා ප්‍රේමලද්දෝය.


දැන් දෙවියන්වහන්සේටද, නුඹලා ඉදිකරන්ටත් පිරිසිදුකරනලද සියල්ලන් අතරෙහි නුඹලාට උරුමයක් දෙන්ටත් හැකිවූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටද නුඹලා භාරදෙමි.


බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ,


නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.


මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට, පුළුවන් නම් තෝරාගත්තවුන් මුළාකරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නෝය.


උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය.


දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.


නුඹේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ නුඹට ආචාරකරති.


වැඩිමහල්ලා වන මා විසින්ද, අප තුළ පවතින්නාවූ සදාකල්ම අප සමඟ තිබෙන්නාවූ සැබෑව උදෙසා මා පමණක් නොව සැබෑව දන්නාවූ සියල්ලන් විසින්ද,


එකල දාරියුස් රජ මුළු පොළොවෙහි වසන සියලු ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා යවනුයේ: නුඹලාට සමාදානය වැඩිවේවා.


මම යාකොබ්ගෙන් වංශයක්ද යූදාගෙන් මගේ කඳුවල උරුමක්කාරයෙක්ද නැගුටුවන්නෙමි. මාගේ තෝරාගත් අය ඒක උරුම කරගන්නවා ඇත, මාගේ මෙහෙකරුවන්ද එහි වසනවා ඇත.


ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය.


නුඹලාගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්,


කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ කිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.


ලෝකය මැවීමට පළමුවෙන් නියමකරනු ලැබූ උන්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා, උන්වහන්සේට මහිමය දුන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ කරණකොටගෙන අදහන්නාවූ නුඹලා උදෙසා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්