Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 5:11 - Sinhala Revised Old Version

11 නුමුත් යෞවන වැන්දඹුවන් එපාකරන්න. මක්නිසාද ඔව්හු ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධවූ තෘෂ්ණාවලින් පෙලඹුණාම සරණපාවාගන්ට ආශාවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එහෙත් යෞවන වැන්දඹුවන් නාම ලේඛනයෙහි ඇතුළත් නොකරන්න. ස්වාභාවික කාමතෘෂ්ණාවල බලපෑම නිසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී, ඔවුන් නැවත විවාහයට පෙළඹෙන්නට පිළිවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 එහෙත් තරුණ වැන්දඹුවන් ලේඛනගත කිරීම ප්‍රතික්ෂේප කරන්න. මන්ද ඔවුන්ගේ අනුරාගී ආශා මඟින් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ වෙතින් ඈත් කළ විට, නැවත විවාහ වීමට ඔවුහු ආශා කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහෙත් යෞවන වැන්දඹුවන් නාම ලේඛනයෙහි ඇතුළත් නොකරන්න. ස්වාභාවික කාමතෘෂ්ණාවල බලපෑම නිසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී, ඔවුන් නැවත විවාහයට පෙළඹෙන්නට පිළිවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 5:11
13 හුවමාරු යොමු  

එබැවින් යෞවන වැන්දඹුවන් විවාහවී දරුවන් බිහිකරනවාටත් ගෙදර ආණ්ඩුකරනවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි.


ඔවුන්ගේ ගොදුරු-බිම් ප්‍රකාරයට ඔව්හු තෘප්තියට පැමිණුනෝය; තෘප්තියට පැමිණි විට ඔවුන්ගේ සිත උඩඟුවිය. එබැවින් ඔව්හු මා මතකනැතිකළෝය.


නුඹලා පොළොවේදී සැපජීවිකාවෙන් වැස, අලංකාරකමින් පසුවුණහුය; මැරුම්කන දවසකදී නුඹලාගේ සිත් නුඹලා පෝෂ්‍යකරගත්තහුය.


තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියොන් දූවරුන් උඩඟුව, බෙල්ල උස්කොට, ඇස් කොනින් බලබලා, කොට පියවර තබා ඇවිදිමින්, තමුන්ගේ පාදවලින් ශබ්ද නගමින් යන බැවින්,


ඈ යම් පමණක් තමාම වර්ණනාකරගනිමින් සැපජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩහිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියාගන්නීය.


මක්නිසාද ඔව්හු නිෂ්ඵලකමේ මහත් ආඩම්බර වචන කථාකරමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවීයන්නන් මාංසයේ තෘෂ්ණාව වන සල්ලාලකමෙන් ඇදගනිති;


වැන්දඹුවන්ගේ ගණනට ලියවෙන්ට යුතුව සිටින්නී නම්, වයසින් හැටකට අඩු නැත්තාවූ, එකම පුරුෂයෙකුට භාර්යාවව සිටියාවූ,


සැබෑව දැනගන සිටින ඇදහිලිවන්තයන් විසින් ස්තුතිදීමෙන් පිළිගන්නා පිණිස දෙවියන්වහන්සේ මැවූ කෑමවලින් වැලකීමට අණකරන්නාවූ මිනිසුන්ගේ වංකකම කරණකොටගෙනය.


එහෙත් යෙෂුරූන් තරවී පයින් ගැසීය. නුඹ තරවී ස්ථුලවී තරබාරු වූයෙහිය. එවිට ඔහු තමා සෑදූ දෙවියන්වහන්සේ අත්හැර, තමාගේ ගැළවීමේ පර්වතය සුළුකොට සිතුවේය.


මෙසේ ඔව්හු තමුන්ගේ පළමු විශ්වාසය අත්හැරිය බැවින් වරදට පැමිණෙති.


මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.


ඈ සමඟ වේශ්‍යාකම්කොට සැපජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුම දකින කල, ඇගේ වේදනාවට භයින් දුරින් සිට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්