Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 2:11 - Sinhala Revised Old Version

11 ස්ත්‍රී නිශ්චලව සියලු ආකාර යටත්කම ඇතුව ඉගෙනගනීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 ස්ත්‍රිය නිහඬතාවයෙන් හා පූර්ණ යටහත් භාවයෙන් ඉගෙන ගනීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 2:11
10 හුවමාරු යොමු  

නුමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.


එසේම, භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්,


සිහියෙන් යුක්තව, පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියන්ව, කරුණාවන්තව, තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදුකර වන පිණිසය.


භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.


උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක.


රජු විශාලවූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි පනවන නියෝගය ඇසූ කල්හි සියලුම භාර්යාවන් ලොකු කුඩාවූ තම තමුන්ගේ පුරුෂයන්ට ගෞරව දෙනවා ඇතැයි කීවෝය.


දේවභක්ති නාමය දරන ස්ත්‍රීන්ට සුදුසුලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්