Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 1:19 - Sinhala Revised Old Version

19 එනම් නුඹ ඇදහිල්ල සහ යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිට, ඒ වාක්‍යවලින් යහපත් යුද්ධය කරන ලෙසය. සමහරු ඒ හෘදයසාක්ෂිය අත්හැරදමා, ඇදහිල්ල නමැති නැව බිඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එනම්, ඒ වාක්‍යයන් ආයුධ කොට ගෙන, ඇදහිල්ල ද නිදොස් හෘදය සාක්ෂියක් ද ඇති ව, ධර්ම යුද්ධය කරන්න. සමහරු මෙයට පිටුපා ගොස්, ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 එසේ කළ යුත්තේ ඇදහිල්ලෙන් හා පවිත්‍ර හෘදය සාක්ෂියකින් යුතුව ය. එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතැම්හු තම ඇදහිල්ලේ නැව මුහුදුබත් කර ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එනම්, ඒ වාක්‍යයන් ආයුධ කොට ගෙන, ඇදහිල්ල ද නිදොස් හෘදය සාක්ෂියක් ද ඇති ව, ධර්ම යුද්ධය කරන්න. සමහරු මෙයට පිටුපා ගොස්, ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 1:19
25 හුවමාරු යොමු  

ඇදහිල්ලේ රහස පිරිසිදු හෘදයසාක්ෂියකින් දරන්නාවූ අයවල්ව සිටින්ට යුතුය.


මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.


නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.


තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.


එනම්: මම නුඹේ ක්‍රියා දනිමි, (මෙන්න, කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ.) නුඹට ඇත්තේ ස්වල්ප බලයක්ය. නුඹ මාගේ වචන රක්ෂාකෙළෙහිය, මාගේ නාමය නුඹ එපාකළේ නැත.


මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,


සත්‍යයට කන් නොදී, ප්‍රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය.


නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.


සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණේය. අනුග්‍රහය නුඹ සමඟ වේවා.


ආඥාවේ අභිප්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය.


ව්‍යවස්ථාව කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන්ට සතුටුවූ නුඹලා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්කරනලද්දහුය. නුඹලා අනුග්‍රහයෙන් වැටී සිටින්නහුය.


මක්නිසාද නුඹලා අතරෙහි විශ්වාසවූ අයවල් ප්‍රකාශවන පිණිස ලබ්ධි භේදත් නුඹලා අතරෙහි තිබෙන්ට ඕනෑය.


එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදැයි සිහිකර, ඒ දේ පවත්වා, පසුතැවිලිවෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටින්නෙහි නම්, සොරෙකු මෙන් එන්නෙමි, මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත.


කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද?


ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.


කියමින් සැබෑකම ගැන මුළාවී, සමහරුන්ගේ ඇදහිල්ල පෙරළති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්