Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:8 - Sinhala Revised Old Version

8 මා මේ කාරණා කියන්නේ මනුෂ්‍ය ප්‍රකාරයෙන්ද? නොහොත් ව්‍යවස්ථාවත් එසේම නොකියාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මේවා පොදු ජීවිතයෙන් ගත් උපහැරණ යයි නොසිතන්න. ව්‍යවස්ථාවත් එම දේ ම නොකියයි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 මා මේ දෑ කියන්නේ මිනිස් මතයට අනුව පමණක් ද? දහම් නීතියෙහිත් මේ දේම නො කියා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මේවා පොදු ජීවිතයෙන් ගත් උපහැරණ යයි නොසිතන්න. ව්‍යවස්ථාවත් එම දේ ම නොකියයි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:8
9 හුවමාරු යොමු  

එබැවින් එපාකරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය.


එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.


ස්ත්‍රීහු සභාවලදී නිශ්ශබ්දව සිටිත්වා. මක්නිසාද කථාකරන්ට ඔවුන්ට අවසර නැත; ව්‍යවස්ථාවෙන් කියා තිබෙන ලෙස ඔව්හු යටත්ව සිටිත්වා.


නුමුත් ඈ සිටින ලෙසම සිටින්නීනම්, මාගේ විනිශ්චයේ හැටියට ඈ වඩා වාසනාවන්තියක්ය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මටත් ඇතිසේකැයි සිතමි.


නුඹලාගේ මාංසයේ දුර්වලකම නිසා මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කථාකරමි. නුඹලා නුඹලාගේ අවයවයන් අපවිත්‍රකමටත් අයුතුකම පිණිස අයුතුකමටත් දාසයන්කොට භාරදුන් සේම, දැන් නුඹලාගේ අවයවයන් ශුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට භාරදෙන්න.


එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.


ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.


එහෙත් (මම මනුෂ්‍ය ව්‍යවහාරය ලෙස කථාකරමි) අපේ අධර්මිෂ්ඨකම කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වර්ණනාකරනු ලැබේ නම් කුමක් කියමුද? උදහස පාන්නාවූ දෙවියන්වහන්සේ අධර්මිෂ්ඨද?


ඉතින්, සහෝදරයෙනි, මා දේශනා කළාවූ ශුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාරවූ එකක් නොවන බව නුඹලාට දන්වමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්