Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:10 - Sinhala Revised Old Version

10 නොහොත් එය මුළුමනින්ම අප නිසා කියනසේක්ද? එසේය, අප නිසා එය ලියනලද්දේය. හාන්නා බලාපොරොත්තුවෙන් හාන්ට ඕනෑ නිසාද, පාගන්නා කොටස බලාපොරොත්තුවෙන් පාගන්ට ඕනෑ නිසාද එසේ ලියනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සැබැවින් ම උන් වහන්සේ මෙය පවසා ඇත්තේ අප උදෙසා නොවේ ද? නිසැක ව ම එය ලියන ලද්දේ අප උදෙසා ය. හාන්නා හෑ යුත්තේ ද, ගොයම් පාගන්නා පෑගිය යුත්තේ ද, අස්වැන්නෙන් හිමි කොටස ලැබීමේ බලාපොරොත්තුවෙන් යයි ලියා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 උන්වහන්සේ එසේ පවසා ඇත්තේ, මුළුමනින්ම අප උදෙසා නො වේ ද? එය ලියා ඇත්තේ අප උදෙසාම ය. මන්ද සී සාන්නා සී සෑ යුත්තේත්, ගොයම් මඩින්නා ගොයම මැඩිය යුත්තේත් අස්වැන්නට පංගුකාර වීමේ බලාපොරොත්තුවෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 සැබැවින් ම උන් වහන්සේ මෙය පවසා ඇත්තේ අප උදෙසා නොවේ ද? නිසැක ව ම එය ලියන ලද්දේ අප උදෙසා ය. හාන්නා හෑ යුත්තේ ද, ගොයම් පාගන්නා පෑගිය යුත්තේ ද, අස්වැන්නෙන් හිමි කොටස ලැබීමේ බලාපොරොත්තුවෙන් යයි ලියා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:10
9 හුවමාරු යොමු  

වැඩකරන ගොවියාම පළමුකොට ඵල භුක්තිවිඳින්ට ඕනෑය.


මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.


මක්නිසාද අනුග්‍රහය වැඩිදෙනා කරණකොටගෙන අධිකවී, ස්තුතිකිරීම දෙවියන්වහන්සේගේ තේජස සඳහා අධිකවන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේය.


මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නෝය. නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය.


ඒ දවස් ලුහුඬු නොකරනලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.


එය සම්මුඛවීමේ කූඩාරමෙහි නුඹලාගේ මෙහෙයට විපාකය වන බැවින් නුඹලාටත් නුඹලාගේ ගෙයි වැසියන්ටත් සියලු තැන්හිදී එය කන්ට පුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්