Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 7:37 - Sinhala Revised Old Version

37 එසේවී නුමුත් ස්ථිර සිතින් යුක්තව සිටින්නාවූද, ඕනෑකමක් නැත්තාවූද, තමාගේම කැමැත්ත ගැන බලය ඇත්තාවූද, තමාගේ කන්‍යාව රක්ෂාකරන්ට තමාගේ සිතින් නියමකරගත්තාවූද තැනැත්තේ යහපතක් කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 යමෙක් විවාහ නොවීමට ස්ථීර ලෙස අදහස් කර ඇත්නම්, යම් කිසි බලපෑමක් ද නැත්නම්, තමාගේ සිත සම්පූර්ණයෙන් දමනය කිරීමට ද ඔහුට හැකි නම්, සිය විවාහ අපේක්ෂිකාව සමඟ විවාහ නොවීම යහපති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

37 එහෙත්, තම හදවත නො වෙනස්ව තබාගෙන, කිසි බලපෑමක් ද නැතිව, තම ආශා හික්මවාගෙන, විවා ගිවිසි කන්‍යා-තරුණිය හා එක් නො වීමට හදින් අදිටන් කොට, ඒ ගැන ස්ථිර නිගමනයකට පැමිණි තැනැත්තා කරන්නේ ද හරි දෙයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 යමෙක් විවාහ නොවීමට ස්ථීර ලෙස අදහස් කර ඇත්නම්, යම් කිසි බලපෑමක් ද නැත්නම්, තමාගේ සිත සම්පූර්ණයෙන් දමනය කිරීමට ද ඔහුට හැකි නම්, සිය විවාහ අපේක්ෂිකාව සමඟ විවාහ නොවීම යහපති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 7:37
6 හුවමාරු යොමු  

එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය.


ඉඳින් නුඹලා විසින් ලියනලද කාරණා ගැනය. ස්ත්‍රියෙක් ස්පර්ශ නොකිරීම මනුෂ්‍යයෙකුට හොඳය.


නුමුත් යමෙක් තමාගේකන්‍යාව ගැන තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බව සිතේ නම්, ඈ ඇගේ තරුණ කාලය පසුකොට සිටී නම්, ඕනෑකමක්ම තිබේ නම්, ඔහු කැමති දෙයක් කෙරේවා; ඔහු පව් නොකරයි; ඔව්හු විවාහවෙත්වා.


මෙසේ තමාගේ කන්‍යාව විවාහකරදෙන තැනැත්තේ යහපතක් කරයි; විවාහකර නොදෙන තැනැත්තේ වඩා යහපතක් කරයි.


කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.


නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්