Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 7:35 - Sinhala Revised Old Version

35 මා මෙසේ කියන්නේ නුඹලාට මලපතක් තබන පිණිස නොව, සුදුසු දේ සඳහාත්, නුඹලා වියවුල් නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි යෙදීසිටින පිණිසත්, නුඹලාගේම ප්‍රයෝජනයටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 මා මෙය කියන්නේ ඔබගේ ම යහපත පිණිස ය. ඔබගේ නිදහස සීමා කිරීමට මගේ අදහසක් නැත. මගේ කැමැත්ත නම් ඔබ විනීත ලෙස ඉත සිතින් සමිඳාණන් වහන්සේට සේවය කිරීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

35 මා මෙසේ කියන්නේ ඔබේම යහපත පිණිස මිස, ඔබට තහංචි පනවන්නට නො වේ; වඩාත් නිසි ලෙස කටයුතු කරමින්, ස්වාමින්වහන්සේට නො බෙදුණු කැපවීමකින් පවතින පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 මා මෙය කියන්නේ ඔබගේ ම යහපත පිණිස ය. ඔබගේ නිදහස සීමා කිරීමට මගේ අදහසක් නැත. මගේ කැමැත්ත නම් ඔබ විනීත ලෙස ඉත සිතින් සමිඳාණන් වහන්සේට සේවය කිරීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 7:35
14 හුවමාරු යොමු  

නුමුත් යමෙක් තමාගේකන්‍යාව ගැන තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බව සිතේ නම්, ඈ ඇගේ තරුණ කාලය පසුකොට සිටී නම්, ඕනෑකමක්ම තිබේ නම්, ඔහු කැමති දෙයක් කෙරේවා; ඔහු පව් නොකරයි; ඔව්හු විවාහවෙත්වා.


කටු අතරේ වැටුණ ඒවා නම් වචනය අසා, තමුන්ගේ ජීවිත ගමනේදී එහි වෙහෙසීම්වලින්ද වස්තුවෙන්ද සැපජීවිකාවෙන්ද වචනය යටව, සම්පූර්ණ ඵල නොදරන්නෝය.


ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.


නුමුත් වේශ්‍යාකම් නිසා එක එක පුරුෂයා තම තමාගේම භාර්යාවද එක එක ස්ත්‍රී තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා.


එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.


මක්නිසාද මවු කුසින් නපුංසකව උපන් තැනැත්තෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරනලද නපුංසකයෝද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේයයි කීසේක.


එසේම මහලු ස්ත්‍රීවරුන් ශුද්ධකමට ඔබිනලෙස හැසිරෙන, කේලාම් නොකියන, බොහෝ මුද්‍රිකපානයට නොවහල්වූ, යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය.


නුමුත් වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය.


එහෙත් විවාහවුවත් එයින් නුඹට පාපයක් නැත; කන්‍යාවක්ද විවාහවුවත් එයින් ඈට පාපයක් නැත. එසේවී නුමුත් එබන්දන්ට මාංසයෙහි දුක් ඇතිවන්නේය. මම නුඹලා එයින් වලක්වන්ට කැමැත්තෙමි.


වේශ්‍යාකම්කරන්නන්ද පුරුෂයන් සමඟ දූෂ්‍ය ක්‍රියාකරන්නන්ද මිනිසුන් සොරකම්කරන්නන්ද බොරුකාරයන්ද බොරු දිවුරන්නන්ද නිසාත්,


එවිට ඵරිසිවරු ගොස්, කථාවෙන් උන්වහන්සේ කෙසේ අසුකරගනිමුදැයි මන්ත්‍රණයකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්