Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 4:21 - Sinhala Revised Old Version

21 නුඹලා කැමති කොයි එකටද? මා නුඹලා ළඟට ඉපලක් රැගෙන එනවාටද? නැතහොත් ප්‍රේමයෙනුත් මෘදුකමේ ආත්මයෙනුත් යුක්තව එනවාටද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් මෛත්‍රී කරුණා සහගත ව ඔබ වෙත එනවාට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 ඔබ කැමති මින් කුමකට ද? ඉපලක් ගෙන මා ඔබ වෙත එනවාට ද? නැතහොත් ප්‍රේමයෙන් හා මුදු ගුණ හැඟීමෙන් ඔබ වෙත එනවාට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් ප්‍රේමයෙනුත් මුදු සිතිනුත් ඔබ වෙත එනවාට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 4:21
16 හුවමාරු යොමු  

මම නැවත ආවොත් මේ දක්වා පව්කළවුන්ටද අනික් සියල්ලන්ටද අච්චු නොකර නාරින්නෙමියි කියා මම දෙවෙනි වතාවේ ළඟ සිටියදී කලින් කී ලෙස, දැන් ඈත්ව සිටියදීත් කලින් කියමි.


එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව.


මේ නිසා, බිඳ හෙළීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ මට දුන් බලය ලෙස මා නුඹලා ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන පිණිස, ඈත්ව සිටින විට මේ දේවල් ලියා එවමි.


මේ කාරණය මා ලියා එවුවේ මාගේ ප්‍රීතිය නුඹලා සියල්ලන්ගේ ප්‍රීතියයයි නුඹලා සියල්ලන් ගැන විශ්වාසකරමින්, මා ආවාම මා ප්‍රීතිකරන්ට ඕනෑ අයවලුන්ගෙන් මට ශෝකය නොපැමිණෙන පිණිසය.


මම කොරින්තියට නාවේ නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් බවට මාගේ ප්‍රාණය පිට දෙවියන්වහන්සේ සාක්ෂියක් කොට ගනිමි.


නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.


නුඹලාගේ කීකරුකම සම්පූර්ණවූ කල සියලු අකීකරුකමට දඬුවම්කිරීමටද අපි සූදානම්ව සිටිමුව.


මක්නිසාද නුඹලා පිහිටා සිටින්නේ ඇදහිල්ල කරණකොටගෙනය, ශෝකයෙන් යුක්තව නුඹලා ළඟට නැවත නොඑන්ට මම මාගේ සිතින් නියමකරගතිමි.


මක්නිසාද (නුඹලා බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි.


එසේය, තේජස ඇතුව තිබුණු එක පවා ඉතා වැඩිව තිබෙන තේජස නිසා මේ කාරණයෙන් තේජස නැතුව තිබේ.


ආත්මය ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී ගැළවෙන පිණිස මාංසය නාස්තිවීම පිණිස මෙබඳු තැනැත්තා සාතන්ට භාරදීමටය.


නුමුත් මා නුඹලා ළඟට එන්නේ නැත කියා සමහරු උඩඟුව සිටිති.


මම තීතස්ට අවවාදකොට, ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් නුඹලාගෙන් යම් වාසියක් ලබාගත්තේද? අප ගමන් කළේ එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නොවේද? එක අඩිපාරේ නොවේද?


සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්