Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 3:5 - Sinhala Revised Old Version

5 ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 අපොල්ලොස් කවරෙක් ද? පාවුලු කවරෙක් ද? ඔව්හු සමිඳාණන් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණවූ සේවකයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 එහෙම නම් අපොල්ලොස් කවුරු ද? පාවුල් කවුරු ද? එකිනෙකාට ස්වාමින්වහන්සේ පැවරූ කාරියට අනුව, ඇදහිල්ල වෙත ඔබ යොමු කළ සේවකයින් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 අපොල්ලොස් කවරෙක් ද? පාවුලු කවරෙක් ද? ඔව්හු සමිඳාණන් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණවූ සේවකයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 3:5
30 හුවමාරු යොමු  

බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද,


තවද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව.


දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවයකරන්න.


තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.


ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය.


නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.


මක්නිසාද අපි අප ගැනම නොව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශකරමුව.


මක්නිසාද නුඹලා අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නමැති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ.


මට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි; වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නුමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.


මෙසේ දෙවියන්වහන්සේ පළමුකොට ප්‍රේරිතයන්ද දෙවනුව අනාගතවක්තෘවරුන්ද තුන්වෙනුව ගුරුවරුන්ද ඊළඟට ආශ්චර්ය කරන්නන්ද පසුව සුවකිරීමේ දීමනාද උපකාරද ආණ්ඩුද නානා වර්ග භාෂාද සභාවෙහි පිහිටෙවුසේක.


මක්නිසාද මේක මාගේ කැමැත්තෙන්ම කරම් නම්, මට විපාකයක් තිබේ. කැමැත්තක් නැතුව කළත් ගබඩාකාරකමක් මට භාරදී තිබේ.


එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.


යොහන් උත්තර දෙමින් මෙසේ කීවේය: මනුෂ්‍යයෙකුට ස්වර්ගයෙන් දෙනලද දෙයක් මිස වෙන කිසිවක් ලබන්ට බැරිය.


අප අතරෙහි ඉෂ්ටවී තිබෙන කාරණා ගැන කථාවස්තුවක් රචනාකරන්ට බොහෝ දෙනෙකු විසින් පටන්ගෙන තිබෙන බැවින්,


ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට දී තමාගේ ගමන ගියේය.


පූර්ව කාලවලද පරම්පරාවලද පටන් සැඟවී තිබී, දැන් දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට ප්‍රකාශවුණාවූ රහස වන,


දෙවියන්වහන්සේගේ බලයේ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට මට දෙනලද උන්වහන්සේගේ ඒ කරුණාවේ දීමනාව හැටියට මම ඒ ශුභාරංචියේ සේවකයෙක් කරනු ලැබුවෙමි.


අලෙක්ෂන්ද්‍රියෙහි උපන්නාවූ, උගතෙක්වූ, අපොල්ලොස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසයට ආවේය; ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය.


තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස්, එපීසයට ඇවිත්: සමහර ගෝලයන් සම්බව:


දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.


පාවුල් හෝ අපොල්ලොස් හෝ කේපස් හෝ ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ දැන් තිබෙන දේ හෝ මතු පැමිණෙන දේ හෝ සියල්ල නුඹලාගේය;


සහෝදරවූ අපොල්ලොස් ගැන නම්, සහෝදරයන් සමඟ නුඹලා ළඟට යන ලෙස මම ඔහුගෙන් බොහෝකොට ඉල්ලමි. නුමුත් දැන්ම යෑම කිසිසේත් ඔහුගේ කැමැත්ත නොවේ; අවකාශ ලැබුණු විටක ඔහු එනවා ඇත.


ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව.


සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.


නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි.


මම විශ්වාසයෙකැයි ගණන්ගෙන තමන්වහන්සේගේ සේවයට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා පත්කළ බැවින් මට බලය දුන්නාවූ උන්වහන්සේට ස්තුතිකරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්