Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 3:14 - Sinhala Revised Old Version

14 ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 යමකු එම අත්තිවාරම මත ගොඩ නැගූ දෑ නො දැවී පවතී නම්, ඔහු ත්‍යාගයක් ලබයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 3:14
12 හුවමාරු යොමු  

හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.


එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.


එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශවන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.


ඉතින් වැඩිමහල්ලේක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව්වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, නුඹලා අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනාකරමි.


අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද?


නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.


මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.


මක්නිසාද මේක මාගේ කැමැත්තෙන්ම කරම් නම්, මට විපාකයක් තිබේ. කැමැත්තක් නැතුව කළත් ගබඩාකාරකමක් මට භාරදී තිබේ.


නුමුත් එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්