Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 16:6 - Sinhala Revised Old Version

6 මා යන කොයි දිශාවට නුමුත් මාගේ ගමනෙහි නුඹලා මා යවන පිණිස, නුඹලා සමඟ කලක් නවතින්නෙමි. නොහොත් ශීත කාලය ගතකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සමහරවිට ටික කලක්, නැත්නම් මුළු ශීත කාලය වුව ද, ඔබ සමඟ නවතින්නෙමි. එවිට මා කොහේ ගියත් මගේ ගමනට ඔබට ආධාර දිය හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 පසුව මා කොතැනකට යතත්, මගේ ගමනට ඔබේ උපකාරය ලැබෙන පිණිස, ඇතැම් විට මද කලක් හෝ ශීත සෘතුවම, ඔබ හා නවතින්නට මට හැකි වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සමහරවිට ටික කලක්, නැත්නම් මුළු ශීත කාලය වුව ද, ඔබ සමඟ නවතින්නෙමි. එවිට මා කොහේ ගියත් මගේ ගමනට ඔබට ආධාර දිය හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 16:6
11 හුවමාරු යොමු  

එබැවින් ඔව්හු සභාව විසින් ඇරලන ලදුව, පෙනීකියද සමාරියද මැදින් ගොස්, අන්‍යජාතීන්ගේ හැරීම ප්‍රකාශකරමින්, සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ඉපදෙවූවෝය.


මම ස්පාඤ්ඤයට යන කල එන්නෙමි. (මක්නිසාද ගමනේදී නුඹලා දකින්ටත්, නුඹලා එක්ව සමාගම්වීමෙන් තරමක් දුරට තෘප්තියට පැමුණුණායින් පසු නුඹලා විසින්ම එහාට ඇරලනු ලබන්ටත් බලාපොරොත්තුවෙමි.)


මම නිකපොලිසෙහි ශීත කාලයේ සිටින්ට නියමකරගත් බැවින් අර්තිමස් හෝ තුඛීකස් හෝ නුඹ ළඟට එවුවාම එහි මා ළඟට එන්ට උත්සාහකරන්න.


නුඹලා වෙතින් මකිදෝනියට යන්ටද නැවත මකිදෝනියෙන් නුඹලා ළඟට ඇවිත් යුදයට යනගමනේදී නුඹලා විසින් ඇරලනු ලබන්ටද සිතට ගතිමි.


එබැවින් කිසිවෙක් ඔහු සුළුකොට නොසිතාවා. නුමුත් ඔහු මා ළඟට එන පිණිස සමාදානයෙන් ඔහුගේ ගමනෙහි යවන්න. මක්නිසාද ඔහු සහෝදරයන් සමඟ එනවා බලා සිටිමි.


තුන් මාසයකට පසු ශීත කාලය ඒ දිවයිනේ ගතකළාවූ නිඹුල් සොහොයුරු යන සටහන ඇති අලෙක්ෂන්ද්‍රීයාවේ නැවකට නැගී පිටත්වුණෙමුව.


ශීත කාලයේ නැවතී සිටීමට ඒ වරාය හොඳ නැති බැවින්, එතැනින් පිටත්වී පුළුවන් නම් ඊශානටත් ගිනිකොණටත් ඉදිරියෙහි තිබෙන්නාවූ ක්‍රීතයේ වරායක්වූ පෙනීකියට පැමිණ එහි ශීත කාලය ගතකරන්ට යන ලෙස වැඩිදෙනා දැනමුතුකම් දුන්නෝය.


නුමුත් ඒ දවස් ගතවූ විට පිටත්ව අපේ ගමන ගියෙමුව; අප නුවරින් පිටවන තුරු ඔව්හු සියල්ලෝ තමුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ අප කැටුව ආවෝය. අපි වෙරළෙහි දණින් හිඳ යාච්ඤාකොට,


ඔහුගේ බෙල්ල වැළඳගන ඔහු සිඹගත්තෝය. ඔව්හු නැව ළඟට ඔහු සමඟ ගියෝය.


පාවුල් කැඳවාගන ගිය අය අතීනසය දක්වා ඔහු ගෙනගොස්, ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට කියා සීලස්ටද තිමෝතියස්ටද කියන ලෙස අණ ලැබ, පිටත්ව ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්