Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:51 - Sinhala Revised Old Version

51 මෙන්න, නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නුමුත් අන්තිම හොරණෑව පිඹින කල මොහොතකින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

51 මෙන්න, මම ඔබට අබිරහසක් පවසමි. අපි සියල්ලෝ ම නොමැරෙන්නෙමු. එහෙත් අන්තිම හොරණෑව පිඹින කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

51 මේ අහන්න! මම ඔබට අබිරහසක් පවසමි; අප සියල්ලන් සැතපෙන්නේ නැත. එහෙත් අපි හැම වෙනස් කරනු ලබන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

51 මෙන්න, මම ඔබට අබිරහසක් පවසමි. අපි සියල්ලෝ ම නොමැරෙන්නෙමු. එහෙත් අන්තිම හොරණෑව පිඹින කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:51
13 හුවමාරු යොමු  

සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.


නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය.


එසේ කළේ කාලවල සම්පූර්ණකමේ නියමය ලෙස ස්වර්ගයෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්රාශිකරන්ට,


මනුෂ්‍යයෝ අප ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයන් මෙන්ද දෙවියන්වහන්සේගේ රහස්වල ගබඩාකාරයන් මෙන්ද ගණන්ගනිත්වා.


ඉන්පසු උන්වහන්සේ එකවිටම පන්සියයකට වඩා සහෝදරයන්ට පෙනුණුසේක. ඔවුන්ගෙන් වැඩිදෙනා මේ දක්වා සිටිති, සමහරු සැතපුණෝය.


අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන්වහන්සේ විසින් කලින් නියමකරනලද්දාවූ, සඟවා තුබූ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කථාකරමුව.


මේ රහස මහත්ය. නුමුත් මම ක්‍රිස්තුස්වහන්සේ ගැනත් සභාව ගැනත් කථාකරමි.


එනම්, මා විසින් ඉහත ලුහුඬින් ලියා තිබෙන ලෙස එළිදරව් කිරීම කරණකොටගෙන ඒ රහස මට ප්‍රකාශවූ බවය.


එපමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැතපුණු අයද විනාශවුණෝ වෙති.


මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.


මක්නිසාද මේකේදී අපි කෙඳිරිගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානය පැළඳගන්ට ආශාවමුව.


එසේය, මේ කූඩාරමේ සිටින්නාවූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව; මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීයවූ එක ජීවනයෙන් ගිලිනු ලබන පිණිස, අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්