Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:44 - Sinhala Revised Old Version

44 ස්වාභාවික ශරීරයක්ව වපුරනු ලැබේ; ආත්මික ශරීරයක්ව නැගුටුවනු ලැබේ. ස්වභාවික ශරීරයක් තිබේ නම් ආත්මික ශරීරයක්ද තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 වළලනු ලබන්නේ ස්වාභාවික ශරීරයකි. උත්ථාන කරනු ලබන්නේ ආත්මික ශරීරයකි. ස්වාභාවික ශරීරයක් ඇති සේ ම ආත්මික ශරීරයක් ද ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

44 වපුරනු ලබන්නේ ස්වාභාවික ශරීරයකි; නැගිටුවනු ලබන්නේ ආත්මික ශරීරයකි. ස්වාභාවික ශරීරයක් වේ නම්, ආත්මික ශරීරයක් ද වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 වළලනු ලබන්නේ ස්වාභාවික ශරීරයකි. උත්ථාන කරනු ලබන්නේ ආත්මික ශරීරයකි. ස්වාභාවික ශරීරයක් ඇති සේ ම ආත්මික ශරීරයක් ද ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:44
5 හුවමාරු යොමු  

ඉතින්, සහෝදරයෙනි, මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි බවත් දිරන ස්වභාවට නොදිරන ස්වභාව උරුමකරගන්ට බැරි බවත් කියමි.


එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය; එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක.


අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවයි කීසේක.


සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.


නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්