Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 15:38 - Sinhala Revised Old Version

38 නුමුත් දෙවියන්වහන්සේ තමන් කැමතිවූ හැටියට ඊට කඳක්ද එක එක බීජයට නියමවූ කඳක්ද දෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 දෙවියන් වහන්සේ තමන් කැමැති හැටියට ඒ පැළයට කඳක් දෙන සේක. එක එක බීජයට නියම කඳ දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

38 එහෙත් තමන්වහන්සේ නියම කළ පරිද්දෙන්, ඊට කඳක් දෙන්නේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ සෑම බීජයකට ඊට ආවේණික කඳන් දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 දෙවියන් වහන්සේ තමන් කැමැති හැටියට ඒ පැළයට කඳක් දෙන සේක. එක එක බීජයට නියම කඳ දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:38
7 හුවමාරු යොමු  

උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්,


මක්නිසාද පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද ස්වාමිවූ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.


නුඹ වපුරන කල වපුරන්නෙක් මතු අටගන්න කඳ නොව තිරිඟු හෝ වෙන වර්ගයක බීජයක් හෝ පමණය;


සියලු මාංස එකාකාර මාංස නොවේ. මනුෂ්‍යයන්ගේ මාංසය එක් ආකාරයක, මෘගයන්ගේ මාංසය වෙන ආකාරයක, පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයක, මසුන්ගේ මාංසය වෙනත් ආකාරයක.


එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්