Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:14 - Sinhala Revised Old Version

14 ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නැගුටුවනු නොලැබූසේක් නම්, අපගේ දේශනාකිරීම නිෂ්ඵලය, නුඹලාගේ ඇදහීමත් නිෂ්ඵලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථක ය; ඔබගේ ඇදහීමත් නිරර්ථක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබ නැතිනම්, අපගේ දේශනා කිරීම නිෂ්ඵල ය; ඔබගේ ඇදහිල්ලත් නිෂ්ඵල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථක ය; ඔබගේ ඇදහීමත් නිරර්ථක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:14
12 හුවමාරු යොමු  

ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නොනැගුටුණුසේක් නම්, නුඹලාගේ ඇදහීම නිෂ්ඵලය; නුඹලා මේ දක්වා නුඹලාගේ පාපවල සිටින්නහුය.


මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙනසේක.


නුමුත්, හිස්වූ මනුෂ්‍යය, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද?


එහි ගියේ එළිදරව්වීමක් නිසාය. එහි ගොස් මම අන්‍යජාතීන් අතරෙහි ප්‍රකාශකරන ශුභාරංචිය ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි. නුමුත් මා දුවන්නාවූ නොහොත් දිවුවාවූ දිවීම යම් හෙයකින් නිෂ්ඵල නොවන පිණිස, ප්‍රධාන තැනැත්තන්ට එය දැන්නුවේ රහසින්ය.


මක්නිසාද තමන්වහන්සේ විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේයයි කීවේය.


මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක.


නුඹලා ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය නුඹලාට දන්වමි. මා නුඹලාට ප්‍රකාශකළ කාරණා නුඹලා අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචනවලින් එය නුඹලාට දේශනාකෙළෙම්දැයි දන්වමි. නැත්නම් නුඹලා නිෂ්ඵලලෙස ඇදහුවහුය.


නුමුත් මම කථාකොට: මම පලක් නැතුව වෙහෙසුණෙමි, හිස්කමටත් නිෂ්ඵලකමටත් මාගේ ශක්තිය නැති කරගතිමි. එසේ වී නුමුත් සැබවින්ම මාගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ වෙතද මාගේ විපාකය මාගේ දෙවියන්වහන්සේ වෙතද තිබේයයි කීමි.


සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය;


ඔහු භූමිය මතුපිටින් ජලය බැසගියාදැයි බලන පිණිස තමා වෙතින් පරෙවියෙකු යැවීය;


යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.


මළවුන්ගේ නැගිටීමක් නැත්නම්, ක්‍රිස්තුස්වහන්සෙත් නැගුටුවනු නොලැබූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්