Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 10:27 - Sinhala Revised Old Version

27 නුඹලා ඉදිරියෙහි තබනලද කොයි දෙයක් නුමුත්, හෘදයසාක්ෂිය නිසා කිසිවක් නොවිචාරා, කන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 නොඅදහන්නන්ගෙන් යමෙකු ඔබට ආරාධනා කළොත්, ඔබ යන්නට කැමැති නම්, එහි ගොස්, ඔබ ඉදිරියෙහි තබා ඇති කොයි දෙයක් වුවත්, හෘදය සාක්ෂියෙන් නැඟෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 නො ඇදහිලිවත් කෙනකු ඔබට ආහාර වේලකට ඇරියුම් කළ විටෙක, එහි යෑමට ඔබත් කැමති නම්, ඔබට පිළිගන්වන කවර දෙයක් වුව, හෘදය සාක්ෂිය අරබයා ප්‍රශ්න නො කර, භුක්ති විඳින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 නොඅදහන්නන්ගෙන් යමෙකු ඔබට ආරාධනා කළොත්, ඔබ යන්නට කැමැති නම්, එහි ගොස්, ඔබ ඉදිරියෙහි තබා ඇති කොයි දෙයක් වුවත්, හෘදය සාක්ෂියෙන් නැඟෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 10:27
9 හුවමාරු යොමු  

මස්කඩේ විකුණන කොයි දෙයක් නුමුත්, හෘදයසාක්ෂිය නිසා කිසිවක් නොවිචාරා කන්න; මක්නිසාද පොළොවත් එහි සම්පූර්ණකමත් ස්වාමීන්වහන්සේගේය.


එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.


ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.


එසේය, නුඹලා කියවන්නාවූද ඒත්තුගන්නාවූද කාරණයන් හැර වෙන කාරණයන් නුඹලාට නොලියමුව, නුඹලා කෙළවර දක්වා ඒවා ඒත්තුගන්නහුයයි බලාපොරොත්තුවෙමි.


ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය.


තරකළ වස්සා ගෙනැවිත් මරන්න, අපි කමින් ප්‍රීතිවෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්