Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 10:18 - Sinhala Revised Old Version

18 මාංස ප්‍රකාරවූ ඉශ්‍රායෙල් බලන්න. පූජාවන් කන අය පූජාසනය සමඟ සහභාගිවන්නෝ නොවෙද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ජුදෙව් ආගමික සිරිත ගැන සිතා බලන්න. පිදේනි වළඳන අය, ඒවායින් පුදනු ලබන දෙවියන් වහන්සේ සමඟ සහභාගි නොවෙත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 ඉශ්‍රායෙල් ජනයා ගැන සිතා බලන්න: යාග පූජා වළඳන්නන්, පූජාසනයට පංගුකාර වනවා නො වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ජුදෙව් ආගමික සිරිත ගැන සිතා බලන්න. පිදේනි වළඳන අය, ඒවායින් පුදනු ලබන දෙවියන් වහන්සේ සමඟ සහභාගි නොවෙත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 10:18
18 හුවමාරු යොමු  

තවද යම් පමණ දෙනෙක් මේ විධිය ප්‍රකාර හැසිරෙන්නෝද, ඔවුන්ට, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ට, සමාදානයත් දයාවත්වේවා.


පූජකයන් අතරෙහි සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන. ශුද්ධවූ තැනකදී එය කෑ යුතුය. එය අති ශුද්ධය.


පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ.


ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?


අපගේ පියවූ ආබ්‍රහම් අචර්මඡේදිතව සිටිය කල්හි ඔහුට තිබුණු ඇදහිල්ලේ අඩිපාරේ යන්නෝව සිටින්නන්ට චර්මඡේද්‍යයේ පියා වන පිණිසත්ය.


එසේවී නම් මාංසාකාරයෙන් අපේ මුල් පියවූ ආබ්‍රහම්ට කුමක් ලැබුණේයයි කියමුද?


දෙවියන්වහන්සේට ප්‍රියවූ, ශුද්ධවන්තයන්ව සිටින්ට කැඳවනු ලැබුවාවූ, රෝමයෙහි සිටින සියල්ලන්ට ලියා එවන වගනම්:


පාප පූජාව යම්සේද අපරාධ පූජාවත් එසේමය. ඒවාට එක පනතක් ඇත්තේය. එයින් සමගිකම් කරන පූජකයා ඒවා ලැබිය යුතුය.


නුඹේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද, තෙලින්ද දෙන දසයෙන් කොටසවත් නුඹේ ගවයන්ගේද එළු බැටළුවන්ගේද කුලුඳුලන්වත් නුඹ වෙන්නාවූ නුඹේ කිසි බාර පූජාවක්වත් නුඹේ ස්වෙච්ඡා පූජාවල්වත් නුඹේ අතේ එසවීම් පූජාවවත් නුඹේ දොරටු ඇතුළතදී නොකෑ යුතුය.


අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්