Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 8:10 - Sinhala New Revised Version

10 ඔවුන් ජාතීන් අතරෙන් ජනයා කුලියට ගන්න නමුත්, දැන් මම ඔවුන් එක්රැස් කොට ඔවුන්ට දඬුවම් කරමි. අසිරියාවේ රජු නොපමා ව ඔවුන්ට පීඩා කරන විට ඔව්හු වේදනාවෙන්‍ මිරිකී යන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔවුන් ජාතීන් අතරෙන් ජනයා කුලියට ගන්න නමුත්, දැන් මම ඔවුන් එක්රැස් කොට ඔවුන්ට දඬුවම් කරමි. අසිරියාවේ රජු නොපමා ව ඔවුන්ට පීඩා කරන විට ඔව්හු වේදනාවෙන් මිරිකී යන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එසේය. ඔවුන් ජාතීන් අතරෙන් ඔවුන් කුලියට ගන්න නුමුත්, මමත් ඔවුන් රැස්කරන්නෙමි; එවිට ඔව්හු රජුගේද අධිපතීන්ගේද බර නිසා පිරිහෙන්ට පටන්ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 8:10
21 හුවමාරු යොමු  

එබැවින් නුඹ කම් සැපට වසඟකරගත් නුඹේ සියලු ප්‍රේමවන්තයන් ද නුඹ ප්‍රේම කළ සියල්ලන් ද නුඹ වෛර කළ සියල්ලන් ද මම රැස් කරමි. මම ඔවුන් නුඹට විරුද්ධ ව නුඹ වටේට රැස් කොට, ඔවුන් නුඹේ නග්න භාවය දකින පිණිස නුඹ නිරුවත් කොට දක්වාලමි.


මේ පාපිෂ්ට සෙනඟට දඬුවම් දෙන පිණිස මම පහර දෙමි. ජාතීන් ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් දෙවැදෑරුම් පාප නිසා ඔවුන්ට දඬුවම් කරනු ඇත.”


කුමක් නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “මෙන්න, මම රාජාතිරාජ වන බබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් අසුන් සහ රථ ද අසරුවන් සහ සමූහයන් ද බොහෝ සෙනඟ ද ඇති ව උතුරෙන් තීර්ට විරුද්ධ ව පමුණුවන්නෙමි.


ඔහු පාරට්ටු කරගනිමින් මෙසේ කියයි: “මාගේ හැම සෙන්පතියෙක් ම රජ කෙනෙකි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නොබෝ කලකින් මම අහස සහ පොළොවත්, මුහුද සහ ගොඩබිමත් සොලවන්නෙමි. සියලු ජාතීන් ද සොලවන්නෙමි. ඔවුන්ගේ වස්තුව මෙහි ගලා එන්නේ ය.


රජවරුන්ගේ රජ වූ රජතුමනි, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට රාජ්‍යය ද බලය ද පරාක්‍රමය ද තේජස ද දී තිබේ.


රිදී ද තඹ ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගිනි පිඹ උණු කරන පිණිස උදුන තුළට එකතු කරන්නාක් මෙන් මම නුඹලා එකතු කර මාගේ උදහසින් ද කෝපාග්නියෙන් ද උණු කරන්නෙමි.


දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.


ප්‍රධාන නිලධාරියා එසේ කියා නැඟිට සිට, ශබ්ද නඟා හෙබ්‍රේව් භාෂාවෙන් කතා කරමින් මෙසේ කී ය: “අසිරියාවේ අධිරාජයා ඔබට කියන දේට සවන් දෙන්න.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ ද අසිරියාවේ රජ වූ පූල්ගේ සිතත් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම්, රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද ගෙන ගොස්, හලාටත්, හාබෝර්ටත්, හාරාටත්, ගෝශාන්හි ගංගාව ළඟටත් පැමිණෙවු සේක. ඔව්හු අද දක්වා එහි සිටිති.


අසිරියාවේ රජ වූ ෂල්මනෙසර් ඔහුට විරුද්ධ ව ආයේ ය. හෝෂෙයා ඔහුට මෙහෙකරු වී කප්පම් දුන්නේ ය.


මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතල බවත්, දාසයන් ද නිර්දාසයන් ද නැති වී ගිය බවත්, ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන්නට කෙනෙකු නැති බවත් සමිඳාණන් වහන්සේ දුටු සේක.


සියලු වේශ්‍යාවන්ට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත්, නුඹ නුඹේ සියලු පෙම්වතුන්ට නුඹේ මුදල් දී, නුඹ සමඟ වේශ්‍යාකම් කිරීමට, හැම අතින් ම නුඹ සමඟ කම් සැපෙහි යෙදෙන්න නුඹ ඔවුන්ට තෑගි බෝග දුන්නෙහි ය.


ඔහොලා මට අයිති ව සිටිය දී වේශ්‍යාකම් කළා ය. ඇගේ පෙම්වතුන් වන අසිරියන්වරුන්ට ඈ ආලය කළා ය.


එහෙත්, හෝෂෙයා මිසරයේ සෝ නම් රජු ළඟට දූතයන් යැවූ නිසාත්, අවුරුදුපතා කළ සැටියට අසිරියාවේ රජුට කප්පම් ගෙනවුත් නුදුන් නිසාත් ඔහු කුමන්ත්‍රණය කළ බව අසිරියාවේ රජ දැන ගෙන ඔහුට විළංගු ලා හිර අඩස්සි කෙළේ ය.


මාගෙන් උපදෙස් නොගෙන ඔව්හු උපකාර ලබන පිණිස මිසරයට යති. ඔවුන් මිසරයේ ආරක්ෂාව පතන නිසා එහි රජවරුන්ගේ රැකවරණය කෙරෙහි ඔව්හු විශ්වාසය තබති.


ජුදාහි සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට පැමිණිල්ලක් ඇත. තවද, උන් වහන්සේ ජාකොබ් සෙනඟගේ හැසිරීමට නිසි දඬුවම දෙන සේක. ඔවුන්ගේ ක්‍රියාවලට නිසි විපාකය දෙන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්