Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 5:6 - Sinhala New Revised Version

6 පූජා කරන පිණිස ඔවුන් බැටළුවන් ද ගවයන් ද රැගෙන සමිඳාණන් වහන්සේ සොයා යන නමුත්, උන් වහන්සේ ඔවුන්ට සම්බ වන්නේ නැත. මන්ද, උන් වහන්සේ ඔවුන් අත්හැර ගොස් ඇති බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 පූජා කරන පිණිස ඔවුන් බැටළුවන් ද ගවයන් ද රැගෙන සමිඳාණන් වහන්සේ සොයා යන නමුත්, උන් වහන්සේ ඔවුන්ට සම්බ වන්නේ නැත. මන්ද, උන් වහන්සේ ඔවුන් අත්හැර ගොස් ඇති බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඔව්හු තමුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඇතුව ස්වාමීන්වහන්සේ සොයායන්නෝය; නුමුත් උන්වහන්සේ ඔවුන්ට සම්බවන්නේ නැත. උන්වහන්සේ ඔවුන්ගෙන් පහව සිටිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 5:6
23 හුවමාරු යොමු  

ඔබ මා සොයන්නහු ය; එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත. ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය”යි වදාළ සේක.


එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත.


උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම්, මාගේ ශුද්ධස්ථානයෙන් මා පලවා හරින පිණිස ඉශ්රායෙල් සෙනඟ මෙහි කරන මහා පිළිකුල්කම් නුඹට පෙනෙන්නේ නැද් ද? මීටත් වඩා පිළිකුල් දෙයක් නැවතත් නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.


අපේ යැදුම ඔබ වෙත නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබ ම වසාගෙන සිටින සේක.


‘මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය’යි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න.


දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.


එහෙත්, උන් වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් යාච්ඤා කළ සේක.


එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි.


සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.


මා පෙම්වතාට මම දොර ඇරියෙමි. එහෙත්, මා පෙම්වතා නික්ම ගොස් තිබිණි. ඔහු කතා කළ විට මට සිහි නැති විය. මම ඔහු සෙවීමි; එහෙත්, සම්බ නො වී ය. මා ඔහුට අඬගැසූ නමුත්, ඔහු මට පිළිතුරු නොදිනි.


දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි, වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.


මෝසෙස් උත්තර දෙමින්, “අප විසින් සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු නිසා, අපේ බාලයන් සහ මහල්ලන් ද අපේ පුතුන් සහ දූවරුන් ද අපේ එළු බැටළු සහ ගව පට්ටි ද සමඟ අපි යන්නෙමු”යි කීවේ ය.


එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසන්නෝ ය. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට පිළිතුරු නොදෙන සේක. බොහෝ නපුරු ක්‍රියා කර තිබෙන බැවින් උන් වහන්සේ ඒ කාලයේ දී ඔවුන් දෙස නොබලන සේක.


එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක.


ඒ නිසා ජෙරමියා, නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න; ඔවුන් වෙනුවෙන් කන්නලව් ද යැදුම් ද ඔප්පු නොකරන්න. ඔවුන් විපත්ති කාලයේ දී මට යාච්ඤා කරන විට මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.


ඒ වෙනුවට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මම ඔවුන් විනාශ කරන්නෙමි.”


මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.


‘අහෝ! මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන එක් කෙනෙකු නුඹලා අතරේ ඇත්නම් කොපමණ හොඳ ද? නුඹලා ගැන මට සතුටක් නැත; නුඹලා ගෙනෙන පූජාවක් මම භාර නොගනිමි.


එවිට සෙනඟ සමිඳාණන් වහන්සේගේ වචනය සොයමින් උතුරේ සිට දකුණට ද නැගෙනහිර සිට බස්නාහිරට ද ඔබමොබ දුවනවා ඇත. එහෙත්, එය ඔවුන්ට සම්බ වන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්