Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 5:5 - Sinhala New Revised Version

5 ඉශ්රායෙල් සෙනඟගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ දෙයි. එප්‍රායිම් සෙනඟ තමන්ගේ පාප නිසා පැකිළ වැටෙති; ජුදා සෙනඟ ද ඔවුන් සමඟ ම වැටෙති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඉශ්රායෙල් සෙනඟගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ දෙයි. එප්‍රායිම් සෙනඟ තමන්ගේ පාප නිසා පැකිළ වැටෙති; ජුදා සෙනඟ ද ඔවුන් සමඟ ම වැටෙති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඉශ්‍රායෙල්ගේ අහංකාරකම [වූ දේවරූප] ඔහුගේ මුහුණ ඉදිරියෙහිම සාක්ෂිදෙයි. ඒ නිසා ඉශ්‍රායෙල් සහ එප්‍රායිම් තමුන්ගේ අයුතුකමෙන් පැකිල වැටෙන්නෝය; යූදාත් ඔවුන් සමඟ වැටෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 5:5
25 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරුන්ගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ නඟයි. කරුණු මෙසේ වුව ද ඒ සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී උන් වහන්සේ නොසෙව්වෝ ය.


“ඉශ්රායෙල් කන්‍යාව වැටී ඇත, යළි නැඟිටීමක් ඈට නැත. පොළොව මත ඈ වැටී සිටියි. උදව් දෙන්නට කවුරුත් නැත.”


එවිට ඔහු කතා කොට, ‘නපුරු දාසය, ඔබේ ම වචනවලින් ඔබ විනිශ්චය කරමි. මා නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ, දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියෙහි ය.


මෙසේ ඔබ දිවැසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබ ම පිළිගන්නහු ය.


ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. ඔබේ අයුතුකම් නිසා ඔබ වැටී සිටින්නහු ය.


“ඉශ්රායෙල් දේශයේ සෙනඟ ඔවුන්ගේ මැවුම්කාරයාණන් අමතක කර, තමන්ට මාලිගා තනාගත්හ. ජුදා දේශයේ සෙනඟ සුරක්ෂිත වන පිණිස බලකොටු නගර වැඩි වැඩියෙන් තනාගත්හ. එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඒ නගර පිට ගින්නක් එවන සේක, එයින් එහි මාලිගා දැවී වැනසෙනු ඇත.”


මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන් ද ජුදාට සිංහ නාම්බෙකු මෙන් ද වන්නෙමි. මම, මම ම ඔවුන් පිටට කඩාපැන ඔවුන් ඉරාදමා ඇදගෙන යන්නෙමි. කිසිවෙකුට ඔවුන් ගැළවිය නොහැකි ය.


නුඹලා රෑ දාවල් දෙක්හි වැරදි පිට වැරදි කරන්නහු ය. දිවැසිවරු ද නුඹලා සමඟ එසේ ම කරති. නුඹලාගේ මාතෘ භූමියේ විනාශය නුඹලා ම ය.


මාගේ සෙනඟ මොරගසමින් මෙසේ යාච්ඤා කරති: ‘සමිඳුනි, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ අයුතුකම්, අපේ අපරාධ, අපට විරුද්ධ ව සාක්ෂි දෙන නමුත්, ඔබේ නාමය වෙනුවෙන් අපට පිහිට වුව මැනව. අපි බොහෝ වර ඔබ වෙතින් හැරී ගියෙමු. ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.


සමිඳුනි, ඔබට විරුද්ධ ව අපේ අපරාධ බොහෝ ය; අපේ අපරාධ අපට විරුද්ධ ව සාක්ෂි දෙයි. ඒවා අප සමඟ ය, අපේ පව් අපි දනිමු.


පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය.


ඔවුන්ගේ අහංකාර පෙනීම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙයි; සොදොම් වැසියන් මෙන් ඔව්හු එළිපිට ම පව් කරති; ඔවුන්ට වන විපතක මහත! එය ඔවුන් තමන් විසින් තමන් පිට ම පමුණුවාගෙන ඇත.


අහංකාර, උඩඟු බැල්මක් ඇති මිනිසුන් ඇත.


දැහැමියා සත් වරක් වැටුණත් ඔහු යළි නැඟිටියි; එහෙත් දුෂ්ටයා විපතට වැටුණොත් වැටුණා ම ය.


දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.


දුෂ්ටයා දඬුවම් ලබනු සහතික ය; එහෙත් සුදනන්ගේ පරපුර ඉන් නිදහස් වනු ඇත.


දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ; අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ.


නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”


සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත. ජුදා වැටී ඇත. කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ. ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.


සමිඳාණන් වහන්සේ වෙත හැරී අවුත් මේ යාච්ඤාව උන් වහන්සේට ඔප්පු කරන්න: “අපේ සියලු අපරාධවලට කමා වී අපේ යාච්ඤා කරුණාවෙන්‍ පිළිගත මැනව. එවිට අපි පොරොන්දු වූ පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්