Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 5:4 - Sinhala New Revised Version

4 “ඉශ්රායෙල් සෙනඟගේ දූෂණ ක්‍රියා නිසා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙත හැරී එන්න ඔව්හු අපොහොසත් ය. වේශ්‍යාකමට වැටුණු ස්ත්‍රියක මෙන් ඔව්හු ඔවුන්ගේ ස්වාමීන් නාඳුනති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “ඉශ්රායෙල් සෙනඟගේ දූෂණ ක්‍රියා නිසා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙත හැරී එන්න ඔව්හු අපොහොසත් ය. වේශ්‍යාකමට වැටුණු ස්ත්‍රියක මෙන් ඔව්හු ඔවුන්ගේ ස්වාමීන් නාඳුනති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 තමුන්ගේ දෙවියන්වහන්සේ වෙතට හැරීඑන්ට ඔවුන්ගේ ක්‍රියාවලින් අවකාශ නොලැබේ. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් තුළ තිබේ, ඔව්හු ස්වාමීන්වහන්සේ නෑඳින සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 5:4
22 හුවමාරු යොමු  

මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.


ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි.


ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි.


මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.


ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මේ දේශයේ වැසියන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ චෝදනාවක් ඇත. “විශ්වාසකම වත්, කරුණාව වත්, දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක් වත් දේශයේ නැත.


නියඟයක් පැමිණ එහි ජලය සිඳී යන්නට සලසනු ඇත. මන්ද, බබිලෝනිය දේව පිළිමයන්ගෙන් පිරී ගිය දේශයකි; ඒවා ගැන එහි සෙනඟ උමතු වී සිටිති.


මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.


පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්, ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා. මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා! මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


ඔව්හු අපරාධය පිට අපරාධය ද වංචාව පිට වංචාව ද කරති. “මාගේ සෙනඟ මා නොපිළිගනිති”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.


ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.


ඒලීගේ පුත්‍රයෝ දුර්ජනයෝ වූ හ. ඔවුන් සමිඳාණන් වහන්සේ ගැන කිසිත් සැලකුවේ නැත.


නුඹලාගේ දූවරුන්ගේ වේශ්‍යාකම්වලටත්, ලේලියන්ගේ කාමමිථ්‍යාචාරකම්වලටත් දඬුවම් නොකරමි. මන්ද, පුරුෂයන් ද දේවාල වෙසඟනක් සමඟ පුද පූජා කරන බැවිනි. මෙසේ සිහිනුවණ නැති සෙනඟ විනාශ වන්නෝ ය.


එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.


ඉශ්රායෙල් වනාහි, බිහි වීමට අවස්ථාව පැමිණ ඇතත්, මවු කුසයෙන් පිටතට නොඑන මෝඩ දරුවෙකු හා සමාන ය. එබැවින් ප්‍රසූත කාලය පැමිණියත් ඔහු බිහි නොවෙයි.


“කාමසේවනය, සුරා පානය සහ මිදියුස සිහිය විකල් කරයි.


“එප්‍රායිම් සෙනඟ පව් කිරීම සඳහා වැඩි වැඩියෙන් පූජාසන තනාගෙන ඇත. වැඩි වැඩියෙන් පව් කිරීමට ඒවා හේතු වී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්