Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හොෂෙයා 1:9 - Sinhala New Revised Version

9 “ඔහුට ‘මාගේ සෙනඟ නොවේ’ යන අර්ථය ඇති ‘ලෝ-අම්මී’ යන නම තබන්න. මන්ද, නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය. මමත් නුඹලාගේ දෙවියන් වහන්සේ නොවෙමි”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “ඔහුට ‘මාගේ සෙනඟ නොවේ’ යන අර්ථය ඇති ‘ලෝ-අම්මී’ යන නම තබන්න. මන්ද, නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය. මමත් නුඹලාගේ දෙවියන් වහන්සේ නොවෙමි”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ඔහුට ලෝ-අම්මී යන නම තබන්න. මක්නිසාද නුඹලා මාගේ සෙනඟ නොවේය, මමත් නුඹලාගේ දෙවියන්වහන්සේව නොසිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 1:9
5 හුවමාරු යොමු  

එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.


පසු දින පෂ්හුර් ජෙරමියා දඬු කඳෙන් නිදහස් කළ විට ජෙරමියා ඔහුට මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ ඔබට, ‘අවට සැපත’ යන අරුත ඇති පෂ්හුර් නොව, ‘අවට භීතිය’ යන අරුත ඇති මාගොර්-මිස්සාබිබ් කියා නම් තබා ඇත.


“එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය.


ලෝ-රුහාමා කිරි වැරෙව්වායින් පසු ගොමෙර් ගැබ්ගෙන තවත් පුතෙකු ලැබුවා ය.


මාගේ සෙනඟ දේශයේ ස්ථිර කොට පිහිටුවා වර්ධනය කරන්නෙමි. ‘ලෝ-රුහාමා’යි කී සෙනඟට මම අනුකම්පාව දක්වන්නෙමි. ‘ලෝ-අම්මී’යි කී ජනයාට ‘නුඹලා මාගේ සෙනඟ ය’ කියා කියන්නෙමි. ඔව්හු පිළිතුරු දෙමින්, ‘ඔබ අපගේ දෙවියන් වහන්සේ ය’යි කියන්නෝ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්