Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 7:28 - Sinhala New Revised Version

28 දුර්වලකම් ඇති මනුෂ්‍යයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබෙත්. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දිවුරුමේ වචනයෙන් සදහට ම සම්පූර්ණ ව සිටින පුත්‍රයාණෝ පත් කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

28 මන්ද දහම් නීතිය, දුබලතා ඇති මිනිසුන් උත්තම පූජක නිලයට පත් කරන්නේ ය. එහෙත් දහම් නීතියට පසුව පැමිණි දිවුරුමේ වචනය, සදාතන පරිපූර්ණත්වයෙන් යුතු පුත්‍රයාණන් පත් කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 දුර්වලකම් ඇති මනුෂ්‍යයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබෙත්. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දිවුරුමේ වචනයෙන් සදහට ම සම්පූර්ණ ව සිටින පුත්‍රයාණෝ පත් කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මක්නිසාද ව්‍යවස්ථාව දුර්වලකම් ඇත්තාවූ මනුෂ්‍යයන් උත්තම පූජකයන් කොට පත්කරන්නේය; නුමුත් ව්‍යවස්ථාවට පසු පැමුණුණාවූ දිවුරුමේ වචනය තෙම සදාකාලේටම සම්පූර්ණව සිටින පුත්‍රයාණන් පත්කරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 7:28
17 හුවමාරු යොමු  

මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි.


එහෙත් උන් වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇති ව ය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ ‘ඔබ සදහට ම පූජකයෙකැ’යි සමිඳාණන් වහන්සේ දිවුරුම් දුන් සේක, ඒ දිවුරුම උන් වහන්සේ නිෂ්ප්‍රභ නොකරන සේක.”


එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක.


උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙ‍සේ වදාළ සේක: “ඔබ ගොස් ඒ හිවලාට මෙ‍සේ කියන්න: අදත්, හෙටත් මම දුෂ්ටාත්මයන් දුරු කොට රෝග සුව කරමි. තුන් වැනිදා මාගේ පරමාර්ථය මුදුන් පත් කරගන්නෙමි,


“නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.


එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය.


තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි.


එසේ ම ක්‍රිස්තුන් වහන්සේත් නායක පූජකයෙකු වීමේ ගෞරවය තමන් වහන්සේ ම පවරා නොගත් සේක. එහෙත්: “ඔබ මාගේ පුත්‍රයා ය; අද මම ඔබ ජනිත කෙළෙමි”යි උන් වහන්සේට කී තැනැන් වහන්සේ ම ඒ ගෞරවය පැවරූ සේක.


එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසී ව සිටි සේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැක ව පවතිමු නම්, අපි උන් වහන්සේගේ ගෘහවාසීහු වම්හ.


ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු, “සියල්ල නිම වී ය”යි වදාරා, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක.


“ආලේප ලත් පූජකවරයා සෙනඟ පිට වරද පමුණුවමින් පව් කෙළේ නම්, තමා කළ පාපය සඳහා පාප පූජාවක් වශයෙන් නොකැළැල් ගොන් වස්සෙකු සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.


එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු.


එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.


ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ කිතුනු සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් හා උත්තම පූජකයාණන් ද වන ජේසුස් වහන්සේ ගැන කල්පනා කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්