Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 7:19 - Sinhala New Revised Version

19 එහෙත් දැන් වඩා අගනා බලාපොරොත්තුවක් උදා වී ඇත. ඒ බලාපොරොත්තුව මඟින් අපි දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 (මන්ද දහම් නීතිය කිසිවක් පරිපූර්ණත්වයට පත් කරන්නේ නැත.) එහෙත් අනෙක් අතට, දෙවියන්වහන්සේ වෙතට අප ළං කරවන, වඩා හොඳ බලාපොරොත්තුවක් හඳුන්වා දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත් දැන් වඩා අගනා බලාපොරොත්තුවක් උදා වී ඇත. ඒ බලාපොරොත්තුව මඟින් අපි දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 වඩා යහපත් බලාපොරොත්තුවක් පැමිණවීමද සිද්ධවේ. ඒ බලාපොරොත්තුව කරණකොටගෙන අපි දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 7:19
29 හුවමාරු යොමු  

මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය.


එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු.


මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි.


මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි.


එසේ වූයේ, දෙවියන් වහන්සේ අප ගැන සලකා, ඔවුන් පරිපූර්ණත්වය ලැබිය යුත්තේ අප හා සමඟ පමණකැ යි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියෙළ කොට තිබූ හෙයිනි.


ව්‍යවස්ථාව වනාහි මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස එහි නියම රූපය ම නොවේ. ඔවුන් වසරක් පාසා, නැවත නැවත ඔප්පු කරන එම පූජාවලින් පුදපූජා කරන්නන් පරිපූර්ණ කිරීමට කවදාවත් ව්‍යවස්ථාවට නොහැකි ය. එසේ කළ හැකි නම්,


මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත.


තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වරප්‍රසාදයට පිවිසෙන මඟ අපට සලසා දුන්නේ උන් වහන්සේ ය. ඒ නිසා අපට හිමි වන්නට යන දේව මහිමයේ බලාපොරොත්තු ගැන අපි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු.


එහෙත් දැන් උන් වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයාණන් ව සිටින සේ ම උන් වහන්සේ වඩා උතුම් සේවක ධුරයක් ලැබූ සේක:


එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ වෙතට ළඟා වන්නන් සදහට ම ගළවන්නට උන් වහන්සේට පිළිවන. මන්ද, ඔවුන් උදෙසා මැදහත් වීමට උන් වහන්සේ සදහට ම ජීවත් වන බැවිනි.


එහෙත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මිස ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් මනුෂ්‍යයෙකු දමිටු කරනු නොලබන බව අපි දනිමු. ඒ නිසා ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් දමිටු කරනු ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේ අදහාගතිමු. මන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක් වත් දමිටුකරනු නොලබයි.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.


මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.


ඉශ්රායෙල් සෙනඟට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සම්බන්ධ කරගෙන ය. ඒ පූජකත්වය හේතුකොටගෙන පූර්ණත්වය ලැබී නම්, ආරොන්ගේ පූජක පිළිවෙළ අනුව නො වූ, මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව වෙන පූජකයෙකුගේ පහළ වීම ගැන කතා කරන්නේ කෙසේ ද?


අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය.


ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක.


ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වීමේ නිදහසත්, උන් වහන්සේ තුළ අපට ඇත.


මෙසේ ව්‍යවස්ථාව වනාහි අප ඇදහිල්ල කරණකොටගෙන දමිටු බවට පත් කරනු ලබන පිණිස, අප ක්‍රිස්තුන් වහන්සේ ළඟට පමුණුවන අපේ අනුශාසකයෙකු වැනි ය.


කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.


මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.


එසේ නම් ව්‍යවස්ථාවත් පාපයත් එක ම යයි නිගමනය කළ හැකි ද? කොහෙත් ම නැත; එහෙත් ව්‍යවස්ථාව නොතිබෙන්නට, පාපය කුමක් දැ යි දැනුමක් මට ඇති විය නොහැක. “තණ්හා නොකරන්නැ”යි ව්‍යවස්ථාවෙහි නොකියන්නට, තණ්හාව කුමක් දැ යි දැනුමක් මට නැත.


එසේ නම් ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධ ද? කොහෙත් ම නැත, මන්ද, ජීවනය දිය හැකි ව්‍යවස්ථාවක් දෙන ලද්දේ නම්, ඒ මඟින් දමිටු බවට පත් කරනු ලැබීමට පුළුවන්කම තිබිණි.


එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසී ව සිටි සේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැක ව පවතිමු නම්, අපි උන් වහන්සේගේ ගෘහවාසීහු වම්හ.


තවද, දිවුරුම් දීමක් ද ඇත. ලෙවීය පූජකයන් පත් කිරීමේ දී දිවුරුම් දීමක් නො වී ය.


ඇදහිල්ල නැති ව උන් වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට පුළුවන්කමක් නැත. මන්ද, දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන් වහන්සේ ජීවත් වන බවත්, උන් වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතු ය.


දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්