Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 13:11 - Sinhala New Revised Version

11 මන්ද, නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගිය පසු, ඒ සතුන්ගේ මළසිරුරු කඳවුරෙන් පිටත දී පුළුස්සා දමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 උත්තම පූජකයා, පාප පූජාවක් ලෙස ශුද්ධස්ථානවලට සත්ව ලේ ගෙන ගිය ද, උන්ගේ සිරුරු දවා දමනු ලබන්නේ කඳවුරෙන් පිටතදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මන්ද, නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගිය පසු, ඒ සතුන්ගේ මළසිරුරු කඳවුරෙන් පිටත දී පුළුස්සා දමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 මක්නිසාද උත්තම පූජකයා විසින් පාපය නිසා යම් යම් සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙනයනු ලැබේද, ඒ සතුන්ගේ ශරීර කඳවුරෙන් පිටතදී පුළුස්සාදමති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 13:11
13 හුවමාරු යොමු  

ශුද්ධස්ථානය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට ලේ ගෙනෙන ලද, පාප පූජාවට පිදූ ගොන් වස්සා සහ එළුවා කඳවුරින් පිටතට ගෙනගොස්, උන්ගේ හම්, මස්, අතුණු සහ ගොම ගින්නේ පිළිස්සිය යුතු ය.


එහෙත්, ගව නාම්බාගේ මස් ද උගේ හම හා ගොම ද කඳවුරින් පිටත ගින්නෙන් පිළිස්සිය යුතු ය. එය පාප නසන පූජාවකි.


නුඹ ඒ සතා පූජක එලෙයාසර්ට භාර දිය යුතු ය. ඌ කඳවුරෙන් පිටත ගෙන ගිය පසු, ඔහු ඉදිරියෙහි දී ම කෙනෙකු වැස්සිය මැරිය යුතු ය.


එහෙත්, වස්සාගේ මාංසය සහ හම කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.


එහෙත්, ශුද්ධස්ථානයේ පව් කමා කිරීමේ පිළිවෙත සඳහා සම්මුඛ මණ්ඩපය තුළට පාප පූජාව පිණිස පිදූ සතාගේ ලේ ගෙනෙනු ලැබුවොත්, එම පූජාවෙන් කිසිවක් නොවැළඳිය යුතු ය. එය ගින්නෙහි දැවිය යුතු ය.”


ආරොන්ගේ පුත්‍රයන් ද වස්සාගේ ලෙය ඔහු වෙත ගෙනා විට, ඔහු එහි තම ඇඟිල්ල ගල්වා පූජාසනයේ අං පිට තවරා, ඉතිරි ලෙය පූජාසනයේ පාමුල වත් කෙළේ ය.


ඉන්පසු පූජකවරයා තම ඇඳුම් සෝදා, ජලස්නානය කොට, කඳවුර තුළට ආ යුතු ය. එහෙත්, ඔහු හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ.


තවද, පාප පූජාව සඳහා කැප කළ ගොනා රැගෙන ශුද්ධස්ථානයට පිටතින් මාලිගාවේ නියම තැන ඌ පුළුස්සන්න.


ඉන්පසු ඔහු තම වස්ත්‍ර ගලවා, වෙන වස්ත්‍ර ලාගෙන කඳවුරෙන් පිටත පවිත්‍ර ස්ථානයකට අළු ගෙන යා යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්