Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 11:18 - Sinhala New Revised Version

18 “ඔබේ වංශය ඊසාක්ගෙන් පැවත එන්නේ ය” යන දේව පොරොන්දුව ආබ්‍රහම් සතුටින් පිළිගත් නමුත්, සිය ඒකජාතක පුත්‍රයා පූජා කිරීමට සූදානම් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 “ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මඟිනි” යි ඔහු ගැන පවසා තිබියදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “ඔබේ වංශය ඊසාක්ගෙන් පැවත එන්නේ ය” යන දේව පොරොන්දුව ආබ්‍රහම් සතුටින් පිළිගත් නමුත්, සිය ඒකජාතක පුත්‍රයා පූජා කිරීමට සූදානම් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එසේය: නුඹේ වංශය ප්‍රකාශවන්නේ ඊසාක්ගෙන්යයි යමෙකුට කියනලද්දේද, ඒ පොරොන්දු සන්තෝෂයෙන් පිළිගත් ඔහු තමාගේ ඒකජාතක පුත්‍රයාව පූජා කරමින් සිටියේය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 11:18
4 හුවමාරු යොමු  

එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය.


එමෙන් ම ආබ්‍රහම්ගෙන් පැවත එන සියල්ලෝ ම ඒ නිසා ම ඔහුගේ දරුවෝ නොවෙ‍ති. කෙසේ වෙතත්, “ඔබට පෙළපත ලැබෙන්නේ ඊසාක් ගෙන් ය”යි ලියා ඇත.


එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.


දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්