Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හෙබ්‍රෙව් 1:10 - Sinhala New Revised Version

10 යළිත්: “ස්වාමීනි, ආරම්භයේ දී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක, ස්වර්ගලෝක ඔබගේ මැවිලි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 තවද, “ස්වාමින්වහන්ස, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක. ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 යළිත්: “ස්වාමීනි, ආරම්භයේ දී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක, ස්වර්ගලෝක ඔබගේ මැවිලි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 1:10
17 හුවමාරු යොමු  

ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක.


අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය; ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේ ය.


මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.


මුහුදේ ජලය අල්ලට ගන්නත්, අහසේ දිග වියතකින් මනින්නත් කිසිවෙකුට හැකි ද? පොළොවේ පස් හුණ්ඩුවක දමන්නත්, කඳු හෙල්වල බර තරාදියකින් කිරන්නත් කිසිවෙකුට හැකි ද?


අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:


පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.


අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.


නුඹලාගේ ඇස් ඔසවා ඉහළ අහස දෙස බලන්න. පහළ පොළොව දෙස බලන්න. අහස දුම මෙන් පහ වී යන්නේ ය; පොළොව පරණ වස්ත්‍රයක් මෙන් දිරාපත් වන්නේ ය. එහි සිටින සියලු දෙනා ම පණුවන් මෙන් විනාශ වන්නෝ ය. එහෙත්, මා ගෙන දෙන ගැළවීම සදහට ම පවතින්නේ ය. මාගේ යුක්තියට කෙළවරක් නොවන්නේ ය.


එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.


“මහෝත්තම දෙවි ස්වාමීනි! ඔබේ මහත් බලයෙන් ද පරාක්‍රමයෙන් ද ඔබ අහසත් පොළොවත් මැවූ සේක. ඔබට බැරි කිසි දෙයක් නැත්තේ ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගැන කරන දිව්‍ය ප්‍රකාශනය මෙය වේ. අහස මැවූ, පො‍ළොවේ අත්තිවාරම දැමූ, මනුෂ්‍යයා තුළ ආත්මානුභාවය පිහිටෙවූ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:


ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය.


‘තව වරක්’ ය කීමෙන් අදහස් කරන්නේ නොසෙල්වෙන දේ පවත්නා පිණිස සෙලවෙන දේ, එනම්, මවන ලද සියල්ල පහ වන බව ය.


“ලවෝදීසයේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්