Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 5:12 - Sinhala New Revised Version

12 එවිට ඔබ මෙසේ කියනු ඇත: අනේ මා විනය දහමට ද්වේෂ කළ හැටි! මාගේ සිතින් අවවාද සුළු කළ හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එවිට ඔබ මෙසේ කියනු ඇත: “අනේ මා විනය දහමට ද්වේෂ කළ හැටි! මාගේ සිතින් අවවාද සුළු කළ හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මාගේ ගුරුවරුන්ගේ හඬට කීකරුනොවී, මාගේ ඉගැන්නුම්කාරයන්ට මාගේ කන නොනමා සිටිය හැටි! කියාත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 5:12
23 හුවමාරු යොමු  

එහෙත් ඔව්හු උත්තර දෙමින්, “මෙතැනින් ඉවතට යව. විජාතිකයෙකු මෙන් ඇවිත් නතර වූ මිනිසා දැන් ලොකු මිනිහෙකු වෙන්න යන හැටි! අර අයටත් වඩා සැර ගිනිගෙඩියක් අපි නුඹට දෙමු”යි කී හ. මෙසේ කියා ඔව්හු ලොත් තදින් තල්ලු කරගෙන අවුත් දොර කැඩීමට කිට්ටු වූවෝ ය.


මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, “ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය. එවිට දිවැසිවරයා නැවතී, “ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.


එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.


මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය; මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය.


එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි. ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි.


“අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද? නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද? අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද?


ඔබ මාගේ සියලු දැනමුතුකම් ගණනට නොගත්තහු ය; මාගේ ඔවා බස් නොපිළිගත්තහු ය.


දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති.


ශික්ෂා පිළිපදින්නා ජීවන මඟ යයි; අවවාදයට පිටු පාන්නා මුළා වී යයි.


අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.


අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත; උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත.


මෝඩයා තම පියාගේ ඔවා බස් හෙළා දකියි. ඔහුගේ අවවාදය සලකන්නා නුවණැතියෙකි.


අවසානයේ දී ඔබේ ඇඟපත දිරා ගොස්, ඔබ කෙඳිරිගානු ඇත.


අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි.


එහෙත් මා සොයා නොඑන්නා තමාට ම අනතුරු කරගනියි. මට වෛර වන සියල්ලෝ මරණයට පෙම් කරති.”


මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්