Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 4:5 - Sinhala New Revised Version

5 ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න; එය අමතක නොකරන්න; මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න; එය අමතක නොකරන්න; මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ප්‍රඥාව ලබාගන්න, නුවණ ලබාගන්න; එය සිහිනැති නොකරන්න, මාගේ මුඛයේ කීම්වලින් අහක්ව නොයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 4:5
17 හුවමාරු යොමු  

ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරමින් තමාගේ පිය වූ දාවිත්ගේ ආදර්ශය අකුරට ම පිළිපැද්දේ ය.


මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි. එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි.


මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය. එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි.


උඩඟු අය මට අතිශයින් අපහාස කළෝ ය. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාවෙන් ඉවත් ව නොයන්නෙමි.


අපි ඔබට අපක්ෂපාත නොවීමු; ඔබේ ආඥා කඩ නොකෙළෙමු.


රනට වඩා පැණ ද රිදියට වඩා නැණ ද ප්‍රසන්න ය.


දැනුම් තේරුම් නැති මෝඩයෙකුට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමෙන් වැඩක් ඇද් ද?


හුදකලාව වසන මිනිසා තම මතය ම අනුගමනය කරයි; කවර උවදෙසකට වුව ද කිපෙයි.


ප්‍රඥාව ලබාගන්නා අර්ථ සිද්ධිය සාදාගනියි; සිහි නුවණින් ක්‍රියා කරන්නා සෞභාග්‍යය සලසාගනියි.


සත්‍යය ද ප්‍රඥාව ද උගත්කම ද නැණනුවණ ද මිල දී ගන්න, ගත් පසු, ඒවා කිසි ම දාක නොවිකුණන්න.


මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපණත් ඔබ හද තුළ රැකගන්න.


ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය; ඔබ රැස් කරගන්න සකල සම්පතට වඩා නැණනුවණ ලබාගන්න.


අනුවණයෙනි, නුවණ ලබාගන්න, දැනුම්තේරුම් ඇති අය වන්න; මෝඩයෙනි, කල්පනාකාරී වන්න.


ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්