Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 4:24 - Sinhala New Revised Version

24 රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න. කෛරාටික වදන් ඔබෙන් දුරලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න. කෛරාටික වදන් ඔබෙන් දුරලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 4:24
16 හුවමාරු යොමු  

යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත.


මා කියන කවර දේත් සාධාරණ ය, ඒවායෙහි ඇදකුද, හොරබොරු කිසිත් නැත.


එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.


දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.


එබැවින් සියලු ආකාර ක්‍රෝධ ද සියලු ආකාර රැවටිලි ද වංකකම් ද, ඊර්ෂ්‍යා ද අගුණ කතා ද පහ කරදමන්න.


සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, තක්කඩියෙකි.


මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය.


එහෙත් දැන් ඔබ ඒ සියල්ල, එනම්, උදහස, කෝපය, කුඩුකේඩුකම, අපවාදය, අසභ්‍ය කතා මුලිනුපුටා දමන්න.


නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?


වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත.


ඔබ අත වරද තිබේ නම්, එය ඉවත ලන්න; ඔබේ නිවෙසෙහි අයුක්තියට ඉඩ නොදෙන්න.


දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න; දෙගිඩියාවෙන් තොර ව ඉදිරිය බලා යන්න.


දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි; එහෙත් දුෂ්ටයා කතාවෙන් කැරලිකාර දේ පවසයි.


අවංක ගතිගුණ ඇති දිළිඳා වංචා කතා කියන මෝඩයාට වඩා උතුම් ය.


නපුර හැර දමා යහපත කරන්න; සාමය සොයා ඒ අනුව යන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්