Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 31:8 - Sinhala New Revised Version

8 තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුඹේ මුඛය නිශ්ශබ්දව සිටින්නන් උදෙසාද අනාථවූ සියලු දරුවන්ගේ කාරණය උදෙසාද අරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 31:8
18 හුවමාරු යොමු  

ජෙරමියා මරන පිණිස සෙනඟගේ අතට පාවා දෙනු නොලැබුවේ, ෂාපාන්ගේ පුත් අහිකාම්ගේ සහය ඔහුට තිබුණු බැවිනි.


“පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.


ඔබේ සිරකරුවන්ගේ කන්කෙඳිරිය ඔබ ඉදිරියට පැමිණේ වා! මරණයට නියම වූ අය ඔබේ මහිමයෙන් ආරක්ෂා වෙත් වා!


ජොනතන් තම පිය සාවුල්ට උත්තර දෙමින්, “ඔහු මැරිය යුත්තේ මන් ද? ඔහු කළ වරද කුමක් දැ”යි ඇසී ය.


මෝඩයෙකුට ප්‍රඥාව ඔරොත්තු නොදෙයි; උසාවියේ දී ඔහුට එක වචනයක් වත් නොකිය හැකි ය.


ජන නායකයෝ අතින් මුව වසාගෙන කතාව නැවැත්වූ හ.


දෙවිඳාණෝ දේව සභාවෙහි මුල’සුන ගන්න සේක. දෙවිවරුන් මැද විනිශ්චය කරන සේක.


දැහැමියා දිළිඳාගේ හිමිකම් සලකයි; දුදනා එවැනි අවබෝධයක් නොදක්වයි.


එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා.


දාවිත්ගේ පෙළපතේ වැසියෙනි, සෑමදා ම යුක්තිය ඉටු කරන්නට වග බලාගන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ කෝපය කිසිවෙකුට නිවන්නට බැරි ගින්නක් මෙන් ඇවිලෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්