Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 26:24 - Sinhala New Revised Version

24 කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි. සතුරා මිහිරි බස් දොඩයි, එහෙත් හිත තුළ වෛරය තබාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි. සතුරා මිහිරි බස් දොඩයි, එහෙත් හිත තුළ වෛරය තබාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 වෛරවෙන්නා තමාගේ තොල්වලින් වංචාකම් කර, තමා තුළ ප්‍රයෝග තබාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 26:24
17 හුවමාරු යොමු  

නපුරට මාන බලන්නාගේ සිතෙහි වංචාව ඇත; සාම සම්මන්ත්‍රණ කරන්නන්ට ප්‍රීතිය ඇත.


බොරු කියන්නා වෛරය උපදවන්නෙකි; කේලාම් පතළ කරන්නා අඥානයෙකි.


මා බලන්න එන අය අවංක නැත. ඔවුහු මා ගැන කිව හැකි නපුරු දේ රැස් කරගනිති; පිටත ගොස් හැම තැන ම ඒවා පළ කරති.


නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.


ඇත්ත කියන්නා සත්‍යය දක්වයි; බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි.


දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය; දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය.


හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.


“තව බෙදාගන්න, හොඳට කන්නැ”යි ඔහු කියතත්, ඔහුගේ සිත අවංක නැත.


ඔබ එකිනෙකා තම තමාගේ අසල්වැසියාගෙන් ප්‍රවේසම් වන්න; කිසි සහෝදරයෙකු ද විශ්වාස නොකරන්න. මන්ද, හැම සහෝදරයෙක් ම ප්‍රයෝගකාරයෙකි; හැම අසල්වැසියෙකු ම කේළාම් කියමින් ඇවිදිනු ඇත.


ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්‍රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ.


සාවුල් දාවිත්ට කතා කොට, “මෙන්න, මාගේ වැඩිමහල් දුව වන මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ මා උදෙසා වික්‍රමාන්විත ව සමිඳාණන් වහන්සේගේ යුද්ධවල සටන් කරන්නැ”යි කීවේ ය. සාවුල් එසේ කීවේ, ‘දාවිත් ඔහුගේ අතින් නොව පිලිස්තිවරුන්ගේ අතින් මරනු ලැබිය යුතු ය’යි අදහස් කළ බැවිනි.


එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නො‍න්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය.


එහෙත්, අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළෙන්, අම්නො‍න්ට ද රජුගේ සියලු පුත්‍රයන්ට ද ඔහු සමඟ යන්නට ඉඩ දුන්නේ ය.


ජෝවාබ් අමාසාට කතා කොට, “මාගේ සහෝදරය, ඔබ සුව සේ සිටින්නෙහි දැ”යි ඔහුට කියමින් ඔහු සිඹගන්නට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේ ය.


එවිට සන්බලට් ද ගෙෂෙම් ද, “එන්න, ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක අපි සම්මුඛ වෙමු”යි මට ආරාධනා කර එවුවෝ ය. එහෙත්, මෙය ඔවුන් මට අනතුරු කරන්නට යෙදූ උපායකි.


සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න; පුරසාරම් නැති කරන්න.


සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්