Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 25:5 - Sinhala New Revised Version

5 රජු වෙතින් දුදනන් පහකරන්න; එවිට රාජ සිහසුන දැහැමිකමෙහි තිරසර වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 රජු වෙතින් දුදනන් පහකරන්න; එවිට රාජ සිහසුන දැහැමිකමෙහි තිරසර වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 දුෂ්ටයා රජු ඉදිරියෙන් පහකරන්න, එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමෙන් ස්ථිරවෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 25:5
13 හුවමාරු යොමු  

සිහසුන් අරා නඩු අසන රජෙක් සිය නැණැසින් හරි වැරදි විසඳයි.


පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය.


කරුණාව හා අවංකකම රජුට ආරක්ෂාව සලසයි; දැහැමි බව ඔහුගේ සිහසුන තහවුරු කරවයි.


එවිට දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු රජ වී අවංක ලෙස ද ප්‍රේමයෙන් ද ආණ්ඩු කරනු ඇත; හරි දේ කිරීමටත්, යුක්තිය ඉටු කිරීමටත් යුහුසුලු වනු ඇත.”


එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”


සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.


මෙසේ රජ තෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අණ කළ පසු, ඔහු පිටතට ගොස් ෂිමෙයිට පහර දී මැරුවේ ය. රජකම සලමොන් අත ස්ථීර විය.


ඔවුන්ගේ ලේ ජෝවාබ්ගේ හිස පිට ද ඔහුගේ පෙළපතේ අයගේ හිස් පිට ද සදහට ම ආපසු පැමිණෙන්නේ ය. එහෙත්, දාවිත් රජ හට ද ඔහුගේ පෙළපතට ද ඔහුගේ රාජ වංශයට ද සිංහාසනයට ද සමිඳාණන් වහන්සේගෙන් සදහට ම සාමදානය වන්නේ ය”යි කීවේ ය.


එහෙත්, සලමොන් රජ තෙම ආශීර්වාද ලබන්නේ ය. දාවිත් රජුගේ සිංහාසනය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සදහට ම පිහිටුවනු ලබන්නේ ය”යි කීවේ ය.


රජු අබිමුවෙහි මහන්තත්ත්වය නොපාන්න; ප්‍රභූන්ගේ තත්ත්වය නොපතන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්