Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 18:11 - Sinhala New Revised Version

11 පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 18:11
12 හුවමාරු යොමු  

ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි.


ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ.


අප සතුරන්ගේ දෙවිවරු, අපේ දෙවිඳුන් හා සම නොවෙති යි සතුරෝ දනිත්.


මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත; එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි.


විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.


ධනවතා තමන් නැණවතෙකැ යි සිතයි; එහෙත් ඔහුගේ නියම තත්ත්වය දත් දිළිඳා එය වටහාගනියි.


මළසිරුරු පොහොර ගොඩවල් මෙන් ද ගොයම් කපන්නන් ඉතිරි කර ගිය ගොයම් මිටි මෙන් ද විසුරුවනු ලබන විට කිසිවෙකු ඒවා එකතු කරන්නේ නැත. සමිඳාණන් වහන්සේ මට ප්‍රකාශ කරන්නට කී දේ මේ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්