Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 17:5 - Sinhala New Revised Version

5 දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි. අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි. අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 17:5
13 හුවමාරු යොමු  

දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.


ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?


උඩඟු සිත් ඇති අය සමිඳුන්ට පිළිකුලකි. ඔවුන්ට දඬුවම සිකුරු ය.


මට වෛර වූ අයට විනාශය පැමිණි විට මම සන්තෝෂ නොවූයෙමි. ඔවුන් විපතට අසු වූ විට ප්‍රීති නොවූයෙමි.


කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.


ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.


එහෙත් සමිඳුනි, ඔබ දන්න පරිදි ඔවුන් පිට විනාශය පමුණුවන්නට වත්, නපුරු කාලයක් ඔවුන්ට ගෙනදෙන්නට වත් මම ඔබෙන් නොඉල්ලුවෙමි. මා මුවින් නික්මුණු වචන ඔබ දන්න සේක.


ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.


මාගේ ශුද්ධ කන්දෙහි නුඹ මධු පානය කළාක්මෙන් සියලු විජාතීන් නොනවතා මධු පානය කරනු ඇත. ඔවුන් හොඳට ම බී, වෙරිමත් වී නැත්තට ම නැතිවනු ඇත.”


‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න; දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ ශුද්ධස්ථානය කෙලෙසනු ලැබූ විට, ඊට විරුද්ධ ව ද ඉශ්රායෙල් රට පාළු වී තිබෙන නිසා, ඊට විරුද්ධ ව ද ජුදා වංශය වහල්කමට ගිය නිසා, ඔවුන්ට විරුද්ධ ව ද නුඹ ඉතා ප්‍රීති ප්‍රමෝද වූ බැවින්,


“නුඹ තම සහෝදර ජාකොබ් ඝාතනය කළ නිසා, නුඹ නින්දා කරනු ලැබ සදහට ම විනාශ කරනු ලබන්නෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්