Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 14:35 - Sinhala New Revised Version

35 කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති; යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති; යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 රජුගේ ප්‍රසන්නකම නුවණින් හැසිරෙන සේවකයා කෙරෙහිය; එහෙත් ලජ්ජාව උපදවන්නාට ඔහුගේ උදහස පැමිණේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 14:35
18 හුවමාරු යොමු  

ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ස්වල්පයක් ගැන ඔබ විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.


ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.


සුමිහිරි බස රාජ ප්‍රසාදය දිනයි; එහෙත් සමිඳුන් කැමැති නිර්මල සිත් ඇති අයට ය.


පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති.


රජු වෙතින් දුදනන් පහකරන්න; එවිට රාජ සිහසුන දැහැමිකමෙහි තිරසර වේ.


නැණවත් නිරිඳා වරදකරුවන් සොයා බලා, දයා විරහිත ව දැඩි දඬුවම් දෙයි.


සිහසුන් අරා නඩු අසන රජෙක් සිය නැණැසින් හරි වැරදි විසඳයි.


පියාට ගරහන, මව ගෙදරින් පිටමං කරන පුතා, හිරිඔතප් නැති, නින්දිත කෙනෙකි.


නාස්තිකාර පුතෙකු සිටින තැන සිහි නුවණ ඇති දාසයා පාලකයා වෙයි. සොහොයුරන් අතර උරුමයෙන් කොටසක් ද ඔහු ලබයි.


ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.


ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි; කවර ජාතියට වුව ද පාපය නින්දාවකි.


එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය.


රජතුමා කිපී මංගල භෝජනයෙන් නැඟිට රජ උයනට ගියේ ය. රජතුමා තමාට විරුද්ධ ව නපුරක් කිරීමට ඉටාගත් බව හාමාන් දැක තමාගේ ප්‍රාණය ගැන එස්තර් රැජිනියට කන්නලව් කරන්නට නැවතිණි.


අවංක කතාබහ රාජ ප්‍රසාදය දිනයි; ඇත්ත පවසන අයට රජවරු ප්‍රසන්න ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්