Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හබක්කුක් 2:8 - Sinhala New Revised Version

8 නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුඹ බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ බැවින්, මනුෂ්‍යයන්ගේ ලේ නිසාද දේශයටත් නගරයටත් එහි සියලු වැසියන්ටත් කළ බලාත්කාරය නිසාද ඉතිරිවූ සියලුම ජනයන් නුඹෙන් කොල්ලකනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හබක්කුක් 2:8
33 හුවමාරු යොමු  

කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.


නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත.


ඔහුගේ රටේ වැටීම ඇති වන තෙක්, සියලු ජාතීන් ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත්, පුත්‍රයන්ගේ පුත්‍රයන්ටත් සේවය කරනු ඇත. ඉන්පසු ඔහුගේ රාජ්‍යය, බලවත් අන් රාජ්‍යයන්ටත්, උසස් රජවරුන්ටත් සේවය කරනු ඇත.


ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ.


ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.


එහෙත්, සැප ජීවිකාවෙන් කල් යවන ජාතීන් කෙරෙහි මම අධික ලෙස උදහස් වී සිටිමි. මාගේ සෙනඟට මා දැක්වූ උදහස සුළු ව තිබිය දී මේ ජාතීහු මාගේ සෙනඟට මා සිතුවාට වඩා පීඩා කළහ. ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.


නුඹලාගේ උපායයන් නිසා නුඹලාගේ වංශය පිට නින්දාව පමුණුවාගෙන ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීම නිසා නුඹලා, තමන්ගේ ම විනාශය පමුණුවාගෙන ඇත.


එවිට ස්වර්ගය ද පොළොව ද එහි සිටින සියල්ලෝ ද බබිලෝනිය ගැන ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. මන්ද, බබිලෝනිය විනාශ කරන්නට උතුරෙන් සතුරා පැමිණෙයි. ඈ අසුවන්නී ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි. ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය. එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.


“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනිය සහ එහි සෙනඟ සියොන්ට විරුද්ධ ව කළ සියලු අපරාධ නිසා ඔවුන්ට මා ප්‍රතිවිපාක දෙන බව නුඹලාට පෙනෙනු ඇත.


“එම්බා! බොහෝ ජලයෙන් සාරවත්, වස්තු සම්භාරයෙන් ධනවත් බබිලෝනි වැසිය, නුඹේ අවසානය දැන් ළඟා වී තිබේ. නුඹේ පණ කෙන්ද කපනු ඇත.


බබිලෝනිය හදිසියේ වැටී විනාශ වූවා ය. ඈ ගැන වැලපෙන්න; ඇයට සුව වේ දැ යි බලන පිණිස ඇගේ තුවාළ ගුගුල් ඖෂධයෙන් ආලේප කරන්න.


කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටත්, රථ පිටත්, එහි සිටින විදේශීය සේනාවන් පිටත් පැමිණ ඔවුන් ස්ත්‍රීන් මෙන් දුබල වී යනු ඇත. කඩුවක් ඇගේ වස්තු පිට පැමිණ ඒවා කොල්ලයට යනු ඇත.


බබිලෝනියෙන් ගැළවී පලා ගිය සෙනඟ සියොන්ට පැමිණ, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට කළ විනාශය නිසා බබිලෝනිවරුන්ගෙන් පළිගත් අයුරු ප්‍රකාශ කළෝ ය.


“නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය.


මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.


දළඹුවා රැස් කරන්නාක් මෙන් ඔවුන් කොල්ලකෑ වස්තුව රැස් කෙරේ. පළඟැටියන් මෙන් මිනිසුන් එය පිට කඩා වදිනු ඇත.


අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.


දුනුවායෙනි, බබිලෝනියට විරුද්ධ ව එය වටකර යුද්ධයට සැරසී අන්තිම ඊගස දක්වා එයට විදින්න. මන්ද, එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කර ඇත.


නුඹේ වෙළෙඳාම වැඩි වීම හේතුකොටගෙන අදමිටුකමින් නුඹේ සිත පිරී නුඹ පව් කෙළෙහි ය. එබැවින් නුඹ කෙලෙසූ දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් මම නුඹ නෙරපාදැමුවෙමි; නුඹ ආරක්ෂක කෙරුබ්වරයා ද ගිනි අඟුරු අතරෙන් පන්නාදැමුවෙහි ය.


ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේ වත්, මූකළාන්වලින් ඒවා කපාගන්නේ වත් නැත. මන්ද, ඔව්හු ආයුධවලින් ගිනි දල්වන්නෝ ය. තමන්ගෙන් කොල්ල කෑ අයගෙන් ඔව්හු කොල්ලකන්නෝ ය. තමන්ගේ සම්පත් උදුරාගත් අයගෙන් සම්පත් උදුරාගන්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මේ සෙනඟ අපරාධ ක්‍රියාවලින් ද බලහත්කාරයෙන් ද ලබාගත් දෙයින් තමන්ගේ මාලිගා පුරවාගෙන ඇත. අවංකකම ඔවුන් කොහොමට වත් දන්නේ නැත.”


“සියලු ජාතීන්ට විරුද්ධ ව එන සමිඳාණන් වහන්සේගේ දවස ළං වී තිබේ. නුඹ කර තිබෙන හැටියට ම නුඹටත් කරනු ලැබේ. නුඹ අනුන්ට කළ දේ නුඹටත් පල දේ.


මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත. ඔවුන්ගෙන් පැහැරගන්න අයගෙන් පැහැරගනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්