Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




සෙකරියා 5:6 - Sinhala New Revised Version

6 “එය කුමක් දැ”යි මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “එය භාජනයකි. මුළු දේශයේ පාපය එයින් අදහස් කෙරේ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 “එය කුමක් දැ”යි මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “එය භාජනයකි. මුළු දේශයේ පාපය එයින් අදහස් කෙරේ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒඵාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 5:6
8 හුවමාරු යොමු  

නුඹලා භාවිතා කළ යුත්තේ හරි තරාදි ද හරි පඩි ද නියම ද්‍රව, ද්‍රව්‍ය මිමි ද ආදිය ය. මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


දිළිඳුන් පාගාදමා, අසරණයන්ට පීඩා කරන, ඔබ මෙයට සවන් දෙන්න.


ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය;


අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.”


දුදනන්ගේ නිවෙස්වල ඔවුන් වංචාවෙන් ලබාගත් වස්තුව ඇත. මා ද්වේෂ කරන හොර මිනුම් ඔව්හු පාවිච්චි කරති.


ඒ දවසේ දී විජාතීන් ලෙස නමදින, සොරකම්කර, මිනී මරා සොරාගත් දෙයින් තමන්ගේ දේවාල පුරවාගන්න සියලු දෙනාට මම දඬුවම් කරමි.


ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටියා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්