Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 10:4 - Sinhala New Revised Version

4 මුදුන් ගල වැනි පාලකයන් ද ඇබ වැනි මූලිකයන් ද යුද්ධ දුනු වැනි නිලධාරීන් ද සියලු අධිපතීන් ද ඒ දේශයෙන් නික්මෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මුදුන් ගල වැනි පාලකයන් ද ඇබ වැනි මූලිකයන් ද යුද්ධ දුනු වැනි නිලධාරීන් ද සියලු අධිපතීන් ද ඒ දේශයෙන් නික්මෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔහුගෙන්ම කොනේ ගලත් ඔහුගෙන්ම ඇණයත් ඔහුගෙන්ම යුද්ධ දුන්නත් ඔහුගෙන්ම එක එක ආණ්ඩුකාරයාත් එක්ව පැමිණෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 10:4
29 හුවමාරු යොමු  

මම එප්‍රායිම් කෙරෙන් රථය ද ජෙරුසලමෙන් අශ්වයන් ද සිඳදමන්නෙමි. යුද්ධ දුන්න ද කපා හරිනු ලැබේ. උන් වහන්සේ ජාතීන්ට සාමදානය ප්‍රකාශ කරන සේක. උන් වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටීස් ගංගාවේ පටන් පො‍ළොවේ සීමා දක්වාත් වන්නේ ය.


එවිට මම මාගේ දේශය ආරක්ෂා කොට ඒ මැදින් යුද්ධ හමුදාවලට යන්න ඉඩ නොදෙන්නෙමි. ඔවුන්ට පීඩා කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්නෙමි. මාගේ සෙනඟගේ දුක මම දිටිමි.”


මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ; ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත; ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත. එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත.


මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”


ඕනෑ ම හේවායෙක් ජන සමාජයේ කටයුතුවල පැටලෙන්නේ නැති ව, තමා බඳවාගත් තැනැත්තා සතුටු කරන්නට බලයි.


එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ”යි වදාළ සේක.


මෙන්න, මුළු දේශයට විරුද්ධ ව ද ජුදාහි රජවරුන්ටත්, අධිපතීන්ටත්, පූජකයන්ටත්, දේශයෙහි සෙනඟටත් විරුද්ධ ව ද අද නුඹ සුරක්ෂිත නගරයක් ද යකඩ කුළුණක් ද ලෝකඩ පවුරක් ද මෙන් ශක්තිමත් කෙළෙමි. මන්ද, මම නුඹ සමඟ සිටින්නේමි.


ගිනි අඟුරු පිඹ නියම වැඩට ආයුධයක් තළාගන්නා වූ කම්මල්කරුවා මැව්වේ මම ය. ඒ ආයුධවලින් වනසාදැමීම සඳහා යුද්ධ භටයා මැව්වේත් මම ය.


එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක.


ශොවන් හා මෙම්පිස් නගරවල අධිපතියෝ අඥානයෝ ය. තමන් ජාතියට මඟ පෙන්වනු ඇතැ යි සිතූ ඔවුන් ජාතිය නොමඟ යවා ඇත.


ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත.


එහෙත්, දැන් ස්වල්ප වේලාවකට අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට කරුණා කොට, අපෙන් ස්වල්ප දෙනෙකුට ඉතිරි ව සිටින්නත්, මේ ශුද්ධස්ථානයේ සුරැකි ව විසීමටත් ඉඩ දී තිබේ. අපේ දෙවියන් වහන්සේ අපට නව ජීවිතයක් ද අපේ වහල්කමේ දී අපට තරමක සහනයක් ද දී ඇත්තේ මේ අන්දමට ය.


එවිට සාවුල් කතා කොට, “සෙනඟගේ සියලු ප්‍රධානියෙනි, මෙහි රැස් ව අද මේ පාප සිදු වුණේ කුමන හේතුවක් නිසා දැ යි සෝදිසි කර බලන්න.


ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;


ඔව්හු ඒ අසා, “එසේ නොවේ වා”යි කී හ. එහෙත් උන් වහන්සේ ඔවුන් දෙස බලා, “එසේ වී නම්: ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත’ යන දහම් පාඨයේ අර්ථය කුමක් ද?


ඔබ ප්‍රේරිතයන්ගේ ද, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය. එහි කොණේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුන් වහන්සේ ම ය.


එබැවින්: “බලන්න, තෝරාගත් ඉතා අනගි, කොණේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි; උන් වහන්සේ අදහන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේ ය”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.


“සමිඳාණෝ මෙසේ වදාරන සේක: ‘එම්බා බබිලෝනිය! නුඹ මාගේ කුළුගෙඩිය හා යුද්ධ ආයුධය වන්නෙහි ය. මම නුඹ උපයෝගී කරගෙන ජාතීන් බිඳ හෙළන්නෙමි; රාජ්‍යයන් විනාශ කරන්නෙමි.


ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්