Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:54 - Sinhala New Revised Version

54 උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, “ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

54 ඒ දුටු යාකොබ් හා යොහන්, “ස්වාමිනි, මොවුන් දවාලන්නට අහසින් ගිනි බසින ලෙසට ඉල්ලන්න අපට අවසර දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

54 උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, “ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

54 උන්වහන්සේගේ ගෝලයෝවූ යාකොබ්ද යොහන්ද ඒ දැක: ස්වාමිනි, ඔවුන් නාස්තිකරන පිණිස අහසින් ගිනි බසින්ට අප අණකරනවාට ඔබ කැමතිසේක්දැයි ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:54
14 හුවමාරු යොමු  

උගේ හිස්වලින් එකක මාරක තුවාළයක් තිබෙන්නාක් මෙන් පෙනිණි; එහෙත් උගේ මාරක තුවාළය සුව වී තිබිණි. මුළු ලෝකයා මවිත වෙමින් මෘගයා පසුපස්සේ ගියෝ ය.


එහෙත්, ජේහු තමාගේ මුළු සිතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්නට ප්‍රවේසම් නො වී ය. ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.


ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නො‍මරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය.


එවිට ජේහු තමාගේ රථයට ඔහු නංවාගෙන, කතා කොට, “සමිඳාණන් වහන්සේ උදෙසා වන මාගේ උද්‍යෝගය බලන්නට මා සමඟ එන්නැ”යි කී ය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝ ය.


එවිට ශෙරුයාගේ පුත් අබිෂයි කතා කොට, “මෙවැනි බලු කුණක්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මන් ද? ගොස් ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර ලැබේවා”යි කී ය.


එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය.


‘ගර්ජනා පුත්‍රයෝ’ යන අර්ථය දෙන ‘බෝවනර්ගස්’ යයි උන් වහන්සේ නම් කළ සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ද


උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක.


සියලු මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරම් මහා හාස්කම් කෙළේ ය.


මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්