Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 7:7 - Sinhala New Revised Version

7 මා ඔබ වෙතට නොපැමිණියේ ඒ නිසා ය. එහෙත් වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙ‍හෙකරුවා සුවපත් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 ඔබ හමුවට ඒමට තරම් වත් මා වටින්නෙකැයි නො සිතුවේ එනිසයි; නමුත් වචනයක් පැවසුව මැනවි. එවිට මාගේ මෙහෙකරුවා සුව වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මා ඔබ වෙතට නොපැමිණියේ ඒ නිසා ය. එහෙත් වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙ‍හෙකරුවා සුවපත් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 එහෙයින් ඔබ ළඟට එන්ටත් මම වටින්නෙක්යයි නොසිතුවෙමි. නුමුත් වචනයකින් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවා සුවපත්වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 7:7
10 හුවමාරු යොමු  

එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක.


සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙ‍තුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ.


මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක; ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක.


ඒ දුටු සියල්ලෝ ම මවිත වී, “මේ කුමක් ද? අලුත් ධර්මයකි! මෙතුමාණෝ බලධාරී කෙනෙකු මෙන්‍ උගන්වති; මුන් වහන්සේ අණ දෙන විට අශුද්ධාත්මයෝ වුව ද කීකරු වෙති”යි කී හ.


උන් වහන්සේ අත දිගු කොට ඔහු මත තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. ලාදුරු රෝගය එකෙණෙහි ම ඔහුගෙන් පහ ව ගියේ ය.


බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.


මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය; පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය.


උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.


එවිට ජේසුස් වහන්සේ ඔවුන් සමඟ වැඩිය සේක. උන් වහන්සේ ගෙදරට නුදුරු ව සිටිය දී ශතාධිපතියා මෙ‍සේ කියා උන් වහන්සේ වෙතට මිත්‍රයන් යැවී ය, “ස්වාමීනි, වෙහෙස නොවන්න, ඔබ මාගේ පියස්ස යටට වැඩමවාගැනීමට මම නොවටිමි.


මම ද බලය ලත් අය යටතෙහි සිටින මිනිසෙක්මි. මා යටතෙහි ද හේවායෝ සිටිති. එක් අයෙකුට යන්නැ යි මා කී කල, ඔහු යයි; තව අයෙකුට එන්නැ යි කී කල, ඔහු එයි; මාගේ දාසයාට මෙ‍ය කරව යි කී කල, ඔහු එය කරයි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්