Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 21:21 - Sinhala New Revised Version

21 එකල ජුදයෙහි වසන්නෝ කඳුකරයට පලා යත්වා; නගරය තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද ව සිටින්නෝ නුවරට, ඇතුළු නොවෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 එවිට යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! පුරවරය තුළ සිටින්නෝ ඉන් පිටතට යත්වා! ගම්බදව සිටින්නෝ නගරයට ඇතුළු නො වෙත්වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එකල ජුදයෙහි වසන්නෝ කඳුකරයට පලා යත්වා; නගරය තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද ව සිටින්නෝ නුවරට, ඇතුළු නොවෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 21:21
13 හුවමාරු යොමු  

“බෙන්ජමින් වංශයේ ජනයෙනි, ආරක්ෂාව පිණිස ජෙරුසලමෙන් පලා යන්න. තෙකෝවාහි හොරණෑ පිඹින්න; බෙත්හක්කෙරෙම් මත සලකුණක් නඟන්න. මන්ද, විපත්තියක් ද මහා විනාශයක් ද උතුරෙන් ළඟා වන ලකුණු ඇත.


තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.


පියස්ස මත සිටින්නා පහතට නොබසී වා; තම ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුළු නොවේ වා.


එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා.


එහෙත්, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අප දේශයට විරුද්ධ ව ආ කල අපි කතා කොට, ‘එන්න, අපි බබිලෝනිවරුන්ගේ සේනාව ද සිරියන්වරුන්ගේ සේනාව ද නිසා ජෙරුසලමට ඇතුළු වෙමු’යි කීවෙමු. මෙසේ අපි ජෙරුසලමෙහි වාසය කරමු.”


නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.


මෙසේ ගොස්, ඔහු සෙනඟට කතා කොට, “කරුණාකර මේ අදමිටුන්ගේ කූඩාරම්වලින් අහකට යන්න. ඔවුන් සතු කිසිවකට අත නොතබන්න. එසේ කළොත් ඔවුන්ගේ පාපයන් නිසා නුඹලාත් වැනසෙනු ඇතැ”යි කීවේ ය.


ලොත්ගේ භාර්යාව ආපසු හැරී බැලුවා ය. එවේලේ ම ඈ ලුණු කණුවක් වූවා ය.


නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු, එක දූතයෙක් ඔවුන්ට කතා කොට, “දැන් පණ බේරාගෙන ගැළවී යන්න; ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න; නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නැ”යි කී ය.


ජෙරමියා බෙන්ජමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්න පිණිස ජෙරුසලමෙන් පිටත් ව ගියේ ය.


හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්