Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 16:7 - Sinhala New Revised Version

7 තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 “ඉන්පසු අනෙකා අමතා, ‘ඔබ කොපමණ ණය දැ?’ යි ඇසුවා. “ ‘තිරිඟු බුසල් දාහක් යැ’ යි කී කල, “ ‘ඔබේ බිල්පතේ එය අටසීය කර ගන්නැ’ යි ඔහු කීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 තවත් කෙනෙකුට: නුඹ කොපමණ ණයදැයි ඇසුවේය. ගෝධුම අමුණු සියයකැයි ඔහු කීවේය. නුඹේ ගණන් පත්‍රය රැගෙන අසූවකැයි ලියන්නැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 16:7
7 හුවමාරු යොමු  

යළිත් ඔහු තුන්වැනියෙකු යැවී ය. ඔව්හු ඔහුටත් තුවාළ කොට එළවා දැමූ හ.


උන් වහන්සේ සෙනඟට මේ උපමාව කියන්නට පටන්ගත් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට අඳයට දී, බොහෝ කලකට පිටරට ගියේ ය.


එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය.


අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය.


‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය.


ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්