Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 13:19 - Sinhala New Revised Version

19 එක්තරා මිනිසෙකු තම වත්තෙහි රෝපණය කළ පසු වැඩී, මහ ගසක් වූ අබ ඇටයකට එය සමාන ය. අහසේ කුරුල්ලෝ අවුත් එහි අතු පතරෙහි ලැගුම් ගත්හ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 මිනිසකු විසින් තම ගෙවත්තේ දමන ලද අබ ඇටයකට එය සමාන ය. එය පැළවී, වැඩී, ගසක් බවට පත් වුණි. අහස් කුරුල්ලෝ එහි අතුවල කැදලි තනා ගත්හ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එක්තරා මිනිසෙකු තම වත්තෙහි රෝපණය කළ පසු වැඩී, මහ ගසක් වූ අබ ඇටයකට එය සමාන ය. අහසේ කුරුල්ලෝ අවුත් එහි අතු පතරෙහි ලැගුම් ගත්හ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එක් මනුෂ්‍යයෙකු විසින් අරගෙන තමාගේ වත්තේ දැමූ අබ ඇටයකට සමානය; ඒක වැඩී ගසක් විය; ආකාශයේ පක්ෂීහු එහි අතුවල ලැග්ගෝයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 13:19
38 හුවමාරු යොමු  

එහි අතු සහ කොළ ශෝභන ය. පල බහුල ය. සියල්ලන්ට සෑහෙන පමණ කෑම එහි තිබුණේ ය. වන මෘගයෝ ගස යට සෙවණ ලැබුවෝ ය. අහසේ කුරුල්ලෝ අතුවල ලැගුම් ගත්තෝ ය. සියලු සත්ත්වයන්ට එයින් කෑම ලැබුණේ ය.


ශෝභන කොළ ද බොහෝ පල ද සියල්ලන්ට කෑම ද තිබුණු, වන මෘගයන්ට සෙවණක් වූ, අහසේ පක්ෂීන් ලැගුම් ගත්, අතු තිබුණු ගස නම් ඔබ ම ය.


එහෙත් පණිවුඩය ඇසූ බොහෝ දෙනෙක් අදහාගත්හ. ඒ පිරිමින්ගේ ගණන පන්දහසක් පමණ විය.


එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ.


ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය.


“ආකාශයේ සියලු පක්ෂීහු එහි අතුවල කූඩු සාදාගත්හ. එහි අතු යට වනයේ සියලු මෘගයෝ පැටවුන් ගැසූ හ. එහි සෙවණෙහි සියලු මහා ජාතීහු ද වාසය කළහ.


එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”


ඔව්හු ඒ අසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. තවද ඔව්හු ඔහුට කතා කොට, “සහෝදරය, ජුදෙව්වරුන් අතර, අදහාගත්තවුන් කොපමණ දහස් ගණනක් ඇද්දැ යි ඔබ දන්නෙහි ය. ඔව්හු සියල්ලෝ ම ව්‍යවස්ථාවලිය ගැන දැඩි භක්තියක් දක්වන අය වෙති.


උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.”


මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.


එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ. එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ.


මා පෙම්වතා උයන්වල බැටළු රැළ කවන පිණිසත්, මානෙල් මල් නෙළා ගන්න පිණිසත් තම උයනෙහි සුවඳ පැළ ඇති පාත්තිවලට ගියේ ය.


සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.


ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ද විජාතීන් තමන් වහන්සේට පක්ෂපාත කරවන ලෙස ක්‍රිස්තුන් වහන්සේ මා ලවා කළ අරුමපුදුම දේ ද ලකුණු ද ගැන මිස අන් කිසිවක් ගැන කතා කිරීමට මම ධෛර්යවත් නොවෙමි. මෙසේ මම ජෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කොට නිම කෙළෙමි.


ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.


පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.


අප සැළ කළ දේ විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳුන්ගේ බලය එළිදරව් වී ඇත්තේ කවරෙකුට ද?


උයන්වල සිටින තැනැත්තිය, මාගේ මිතුරෝ ඔබේ හඬට සවන් දෙති. එය මට අසන්න ලැබේ වා!


එම්බා උතුරු සුළඟ, පිබිදෙන්න; දකුණු සුළඟ, එන්න. මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට උඩින් හමා යන්න. මාගේ පෙම්වතා තමාගේ උයනට අවුත් තමාගේ අනර්ඝ ඵල අනුභව කරා වා!


මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ වැටකින් වට කළ උයනක් ය; වසා තිබෙන ළිඳක් ය; මුද්‍රා කර තිබෙන උල්පතක් ය.


සමිඳාණන් වහන්සේ කතා කොට, “අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත.


තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම් ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්