Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 12:58 - Sinhala New Revised Version

58 ඔබේ පැමිණිලිකාරයා සමඟ උසාවියට යන විට, මඟ දී ම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහරවිට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේ ය; නඩුකාරයා ද ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

58 ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, කාරණය සමථයට පත් කර ගන්නට උත්සාහ දරන්න. නැතහොත්, ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔවුන් ඔබ සිරගෙයි දමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

58 ඔබේ පැමිණිලිකාරයා සමඟ උසාවියට යන විට, මඟ දී ම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහරවිට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේ ය; නඩුකාරයා ද ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

58 ඉඳින් නුඹේ එදිරිකාරයා සමඟ නඩුකාරයා ඉදිරියට යන විට පාරේදීම ඔහුගෙන් බේරෙන්ට උත්සාහකරන්න; නැත්නම් සමහරවිට ඔහු විනිශ්චයකාරයා ළඟට නුඹ ඇදගන යන්නේය, විනිශ්චයකාරයාද නුඹ සේවයකයාට භාරදෙන්නේය; සේවකයා නුඹ හිරගෙයි දමන්නේය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 12:58
20 හුවමාරු යොමු  

එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.


හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.


මන්ද, “ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.


මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.


එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.


එහි දී, මා වැනි දැහැමි කෙනෙකු සමඟ වාද කළ බව එතුමන්ට පෙනෙනු ඇත. විනිසකරුවන් විසින් මම නිදහස් කරනු ලබන්නෙමි.


ජෝබ් තුමෙනි, එතුමාණන් සමඟ සමඟි වන්න. එයින් ඔබට ආසිරි ලැබෙනු ඇත.


අවුරුදු දහස කෙළවර වූ පසු, සාතන් තමාගේ සිරගෙයින් මුදනු ලැබ,


එම ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක.


එබැවින් මාගේ ඇවෑමෙන් පසු ඔබට මේ දේවල් හැම කල්හි ම සිහි කරගැන්මට පිළිවන් වන පිණිස මට හැකි හැම දේ ම මම කරමි.


ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්‍රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්‍යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්