Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 11:32 - Sinhala New Revised Version

32 නිනිවයේ මනුෂ්‍යයෝ විනිශ්චය දවසේ දී මේ පරම්පරාව සමඟ නැඟී සිට ඔවුන් වරදට පත් කරන්නෝ ය; මන්ද, ජෝනාගේ ධර්ම දේශනා අසා ඔව්හු පසුතැවී සිත් හරවා ගත්හ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

32 නිනිවයේ මිනිසුන් විනිශ්චයේදී මේ පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද යෝනාගේ දේශනාවෙන් ඔවුහු පසුතැවිලි වූහ. දැන් මෙන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 නිනිවයේ මනුෂ්‍යයෝ විනිශ්චය දවසේ දී මේ පරම්පරාව සමඟ නැඟී සිට ඔවුන් වරදට පත් කරන්නෝ ය; මන්ද, ජෝනාගේ ධර්ම දේශනා අසා ඔව්හු පසුතැවී සිත් හරවා ගත්හ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාව සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාවෙන් ඔව්හු පසුතැවිලි වූවෝය. බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 11:32
9 හුවමාරු යොමු  

ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, “තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ”යි මොරගසා ප්‍රකාශ කෙළේ ය.


නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.


එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.


උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හාස්කමක් සොයන්නේ අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවකි. එහෙත්, ජෝනා දිවැසිවරයා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ලැබේ.


දේව විනිශ්චය දවසේ දී නිනිවයේ මිනිසුන් මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, ජෝනාගේ දේශනා කිරීමෙන් ඔව්හු පසුතැවී සිත් හරවා ගත් හ. මෙන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ.


දේව විනිශ්චය දවසේ දී, දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් වරදට පත් කරන්නී ය; ඈ සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියා ය. බලන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ.


අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්