Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 1:9 - Sinhala New Revised Version

9 පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙ‍න්, සෙකරියස්ට පැවරිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 පූජකත්වයේ චාරිත්‍රයට අනුව ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුල්ව, සුවඳ දුම් දැවීමේ වාරය පස ඇට දැමීමෙන් ඔහු තෝරාගනු ලැබීමෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙ‍න්, සෙකරියස්ට පැවරිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්ව සුවඳ දුම් ඔප්පුකිරීමට වාරය පූජකයාගේ නිලයේ සිරිත ලෙස පසඇට දැමීමෙන් ඔහුට වැටුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 1:9
10 හුවමාරු යොමු  

මාගේ පුත්‍රයෙනි, දැන් අලස ව නොසිටින්න. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නත්, උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නත්, උන් වහන්සේගේ සේවකයන් ව සුවඳ දුම් ඔප්පු කරන්නත් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”


අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස් ය. ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද ඉතා ශුද්ධ දේ කැප කරන පිණිසත්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, උන් වහන්සේට සේවය කරන පිණිසත්, සෑම කල්හි ම උන් වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසත්, හැම කලට ම වෙන් කරනු ලැබුවෝ ය.


පූජාසනය මත පූජා ඔප්පු කරන පිණිස ද සුවඳ දුම් ඔප්පු කරන පිණිස ද මා ඉදිරියෙහි දාදු කරඬුව දරන පිණිස ද මාගේ පූජකයන් ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මම ඒ වංශය තෝරා නොගතිම් ද? ඉශ්රායෙල්වරුන් විසින් ඔප්පු කරන ලද සියලු දවන යාග පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම් ද?


එසේ කෙළේ ආරොන්ගේ වංශයට අයිති නැති අන් කෙනෙකු සමිඳාණන් වහන්සේ ඉදිරියට සුවඳ දුම් පිදීම සඳහා ළඟා නොවිය යුතු බව සිහිගැන්වීමේ සිද්ධිය ඉශ්රායෙල් ජනයාට අනුස්මරණයක් වීම සඳහා ය. යමෙකු එසේ කළොත්, කෝරාට සහ ඔහුගේ පිරිසට වූ දේ ඔහුටත් වනු ඇත. මේ සියල්ල සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් එලෙයාසර්ට වදාළ පරිදි ඉටු විය.


මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති.


එහෙත්, ඔහු බලවත් වන්න වන්න ඔහුගේ සිත උඩඟු විය. මෙය ඔහුගේ වැටීමට හේතු විය. ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පු කරන පිණිස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමෙන් තම දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරද කෙළේ ය.


එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය.


එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්