Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 8:42 - Sinhala New Revised Version

42 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

42 යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේ ඔබගේ පියාණන් නම්, ඔබ මට ප්‍රේම කළ යුතුයි; මන්ද මම දෙවියන්වහන්සේ වෙතින් පැමිණ, දැන් මෙහි සිටින්නෙමි. මා මගේම කැමැත්තට ආවා නො වෙයි. මා එවුවේ උන්වහන්සේයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

42 යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේ නුඹලාගේ පියාණෝ නම් නුඹලා මට ප්‍රේමකරන්නහුය. මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි; මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන්වහන්සේ මා එවුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:42
22 හුවමාරු යොමු  

මන්ද, මම මාගේ ම අධිකාරී බලයෙන් කතා නොකෙළෙමි; මා එවා වදාළ පියාණන් වහන්සේ මා කිව යුතු දෙයත්, දෙසිය යුතු දෙයත් ගැන මට ආඥාවක් දී තිබේ.


මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බව ඔබ විශ්වාස නොකරන්නෙහි ද? මා ඔබ හට වදාරන වචන මාගේ ම අධිකාරී බලයෙන් නොවදාරමි; පියාණන් වහන්සේ ම මා තුළ වැඩවසමින් ස්වකීය ක්‍රියා ඉටු කරන සේක.


මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.


“ධාර්මික පියාණෙනි, ලෝකයා ඔබ දැනගත්තේ නැත. එහෙත් මම ඔබ දැනගතිමි. තවද, ඔබ මා එවා වදාළ බව මොවුහු දනිති.


“පුත්‍රයා තමාගේ පියාටත්, මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. මා නුඹලාගේ පියා නම්, නුඹලා මට ගෞරව නොකරන්නේ මන් ද? මා නුඹලාගේ ස්වාමියා නම් මට ගරුබුහුමන් නොදෙන්නේ මන්ද කියා අවමන් කරන පූජකවරුන්ගෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. ‘අප ඔබට අවමන් කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය.


ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.


තවද, පියාණන් වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු.


මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත.


යමෙක් සමිඳාණන් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම්, ඔහු සාප ලද්දෙක් වේ වා! ‘මරනථා’ - සමිඳාණන් වහන්ස, වැඩිය මැනව.


දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය.


එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය.


දේව දූතයා, දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනයෙන් ගලා එන, පළිඟුමෙන් විනිවිද දිලෙන, ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වී ය.


එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක.


ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා ගැන ම මා සාක්ෂි දරන නමුදු, මාගේ සාක්ෂිය වලංගු ය; මන්ද මම කොතැනින් ආයෙම් ද, කොතැනට යන්නෙම් දැ යි දනිමි. එහෙත්, මා එන්නේ කොතැනින් ද; යන්නේ කොතැනට ද කියා ඔබ නොදන්නහු ය.


පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන,


ඔබ සියල්ල දන්නා බව ද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නුවුවමනා බව ද දැන් අපි දනිමු. මෙයින්, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණි බව අපි විශ්වාස කරමු”යි කී හ.


තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්